gossiplanka alexa විදුලිබලයෙන් ක්‍රියාකරන "ඇලිස්" ගුවන් ගත වීමට නියමිතයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදුලිබලයෙන් ක්‍රියාකරන "ඇලිස්" ගුවන් ගත වීමට නියමිතයි

සම්පූර්ණයෙන් විදුලි බලයෙන් ක්‍රියාකරන ගුවන් යානයක් ලොව පළමුවරට නිපදවීමට ඊශ්‍රායලය සමත් වී තිබෙනවා. මේ වන විට එහි පළමු පියාසැරිය සඳහා සියල්ල සූදානම් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

විදුලි මෝටර් රථයක සහ ජංගම දුරකතනයක බැටරි තාක්ෂණයට සමාන තාක්ෂණයකින් නිපදවා ඇති මෙම ගුවන් යානය "ඇලිස්" ලෙස නම් කර තිබෙනවා. එය විනාඩි 30ක් ආරෝපණය කිරීම ප්‍රමාණවත් වන අතර එම ආරෝපණය මගීන් 9 දෙනෙකු සහ නියමුවන් දෙදෙනෙකු සමඟ පැයයි විනාඩි 40ක කාලයක් පියාසර කිරීමට ප්‍රමාණවත් වනවා. 

මෙම ගුවන් යානයේ උපරිම වේගය පැයට සැතපුම් 287ක් වන අතර එහි ‍රැගෙන යා හැකි බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 386ක්. අනෙක් වාණිජ ගුවන් යානාවල නඩත්තු පිරිවැයට වඩා මෙහි 70%ක් නඩත්තු පිරි වැය අඩු බවයි ගුවන් යානය නිපදවූ සමාගම පවසන්නේ. 

මෙම ගුවන් යානය මගී සහ භාණ්ඩ ප්‍රවාහන යටතේ අදියර දෙකකින් සංවර්ධනය කිරීමට නියමිත බවත් මගී සංඛ්‍යාව 20 සිට 40 දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති බවත් අදාළ ඊශ්‍රායල සමාගම වැඩි දුරටත් පවසනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu