gossiplanka alexa බුද්ධ ප්‍රතිමාඝරත් විනාශ කිරීමේ තලිබාන් සැලසුමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බුද්ධ ප්‍රතිමාඝරත් විනාශ කිරීමේ තලිබාන් සැලසුමක්

බාමියන් බුද්ධ ප්‍රතිමාඝර විනාශ කිරීමට තලිබාන් සංවිධානය සැලසුම් කරමින් සිටින බව ජර්මනියේ පුවත් සේවයක් වාර්තා කර තිබෙනවා. ඓතිහාසික බෞද්ධ ආගමික සංකේතයක් වූ ඇෆ්ගනිස්තානයේ පිහිටි බාමියන් බුදු පිළිම මීට වසර 21කට පෙර ඉස්ලාම් අන්තවාදී තලිබාන් සංවිධානය විසින් විනාශ කර දැමුවා. 

එම ප්‍රතිමා වටා තිබූ හිස් ප්‍රතිමාඝර ද මෙසේ පුපුරුවා හැරීමට සැලසුම් කරන බවයි ජර්මන් පුවත් සේවය වාර්තා කරන්නේ. තලිබාන් සංවිධානය විසින් බාමියන් බුදු පිළිමවල නටබුන් සහ ප්‍රතිමාඝර ආශ්‍රිතව යුද පුහුණුවීම් සිදු කරන වීඩියෝවක් මෑතක දී විදෙස් මාධ්‍ය වෙත  නිකුත් කර තිබුණා. 

2001 වසරේ  මාර්තු මාසයේ දී විනාශ කල බාමියන් බුද්ධ ප්‍රතිමා 6 වෙනි සියවසට අයත් ලෝක උරුමයක් වන බවත් එය මානව වර්ගයාට එරෙහිව කළ අපරාධයක් බවත් සැලකෙනවා. ඒවා විනාශ කිරීමට අණ ලබා දී තිබුණේ එම සංවිධානයේ එවකට සිටි නායකයා වූ මුල්ලා මොහොහොමඩ් බව පැවසෙනවා. 

මෙම උරුමයන් සම්පූර්ණයෙන් විනාශ වීමට පෙර හේග් සම්මුතිය යටතේ ඊට ජාත්‍යන්තර ආරක්ෂාව ලබා දීමට වහාම පියවර ගත යුතු බව ඇතැම් පිරිස් අදහස් දක්වමින් සිටිනවා. කෙසේ වෙතත් බාමියන් බුද්ධ ප්‍රතිමාඝර විනාශ කිරීමට තමන් සැලසුම් කරන්නේ යැයි නඟන චෝදනාවට මේ දක්වා තලිබාන් සංවිධානය විසින් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu