gossiplanka alexa විදේශීය කෝලා සංස්කෘතියට එරෙහිව දේශීය කෝලා වර්ග දෙකක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදේශීය කෝලා සංස්කෘතියට එරෙහිව දේශීය කෝලා වර්ග දෙකක්

ගොරකා ආශ්‍රිත කෝලා පානයක් වන 'ගරක් - කෝලා' සහ තල් ආශ්‍රිත කෝලා පානයක් වන 'තල්  - කෝලා' යන නව නිෂ්පාදන ජනගත කිරීම ඊයේ සිදු කරනු ලැබුවා. මෙම නිෂ්පාදනවල හිමිකරුවා වන්නේ නෙල්ලි කෝලා' නිෂ්පාදකයා වන පානදුර 'මා ප්‍රොඩක්ට්' පුද්ගලික සමාගමයි. 

මෙම උත්සවය සඳහා සහභාගී වූ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ අදහස්

"Maa Product" ආයතනය විසින් නිෂ්පාදනය කළ නෙල්ලි කෝලා පානය ජනගත කිරීමේ අවස්ථාවටත් මට සහභාගි වීමට අවස්ථාව ලැබුණා. එමගින් අප දිරිගන්වනු ලැබුවේ, මේ රටේ දේශීය අමුද්‍රව්‍ය පදනම් කරගත්තු ප්‍රණීත පානයකට අපේ තරුණ දූ දරුවන් අතර ප්‍රවණතාවක් ඇති කිරීමයි. ඒ ප්‍රයත්නය සැලකිය යුතු ලෙසින් සාර්ථක කරගෙන අද මස් ඵ්‍රොඩුච්ට් ආයතනයේ සභාපති මුදිත සමනක්කොඩි මැතිතුමන්ට හැකි වෙලා තිබෙනවා, තවත් එවැනි පාන වර්ග දෙකක් සමාජයට හඳුන්වා දෙන්න. එමගින් සෞඛ්‍යයට අහිතකර නොවන, සෞඛ්‍යමය වශයෙන් ගුණාත්මක පාන වර්ග දෙකක් වෙළඳපොළට පැමිණෙනවා.

කෝලා සංස්කෘතියට එරෙහිව...

මුදිත සමනක්කොඩි මැතිතුමන්ගේ මේ මැදිහත්වීම කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මා අගය කරන්නේ ප්‍රධාන හේතු කීපයක් නිසයි. අද ලෝකයේ කෝලා සංස්කෘතිය කියන්නේ දැන්වීම් ඔස්සේ ඉතා බලවත්ව ගොඩනැගෙන සංස්කෘතියක්. එම කෝලා බීම වර්ග පිළිබඳ බොහෝ විවේචන දැකගත හැකියි. අපි බොන ඒ හැම කෝලා බීම එකකම සල්ලි ටික යන්නේ පිටරටට. ඒ සංස්කෘතියට එරෙහිව දේශීය නිෂ්පාදන බලගැන්වීම මගින් සෞඛ්‍යාරක්ෂිත බීමක් අපේ දූදරුවන්ට ලබාදීමට හැකිවීම මුදිත සමනක්කොඩි මැතිතුමාගේ මැදිහත්වීම මා අගය කිරීමට එක් හේතුවක්. ඒ වගේම එමගින් පිටරටට ඇදී යන විශාල මුදලක් රට තුළ ඉතිරි කරගැනීමට හැකිවීම තවත් හේතුවක්. අපි අද විදේශ විනිමය අර්බුදයකට රටක් ලෙස මුහුණ පා සිටිනවා. එහෙම රටක මෙවැනි දේශීය නිෂ්පාදන වැඩි වැඩියෙන් නිර්මාණය වීම පමණක් නොවෙයි, අපේ පාරිභෝගික ජනතාව එම නිෂ්පාදන ආදරයෙන් වැළඳගැනීම ද විය යුතුව තිබෙනවා. එසේ කළහොත් පමණයි අපේ රටේ නිෂ්පාදකයා ඉහළට ඔසවා තැබීමට හැකි වන්නේ.

'දියුණු නොවන රටවල හැටි'

ලෝකයේ දියුණු රටවල් බොහොමයක් තමන්ගේ නිෂ්පාදන අගය කිරීම හරහා දියුණු වූ රටවල්, තමන්ගේ රටේ භාණ්ඩ පරිභෝජනය කිරීම මගින් දියුණු වූ රටවල්. තමන්ගේ රටේ නිෂ්පාදනවලට ඉහළ වැදගත්කමක් ලබාදී ඒවා පරිභෝජනය කිරීමට උනන්දු වන මිනිස්සු වෙසෙන රටවල් තමා දියුණු වී ඇත්තේ. තමන්ගේ රටේ දෙයට ගරහන, පිටරටින් එන දෙය හිස මුදුනින් පිළිගන්න, නිවටකමක් ඇති සමාජයන් පවතින රටවල් තමයි  දියුණු නොවන්නේ. එහෙම නැතිනම් හෙමින් දියුණු වන්නේ. අද අපි අපේ රට දියුණු විය යුතු යැයි සිතනවා නම් ඒ සඳහා වන පළමුවැනි අවම කොන්දේසිය තමයි හැකිතාක් දුරට අපේ රටේ නිෂ්පාදන පරිභෝජනයට පුරුදු වීම. ඒ නිසා අපි ඔබගෙන් ඉල්ලනවා, 'මේ රටේ නිෂ්පාදන පරිභෝජනයට පුරුදු වෙන්න, ඒවාට ප්‍රමුඛතාව දෙන්න, ඒවාට දිය යුතු නිසි තැන දෙන්න' කියා. එමගින් පමණක් අපට පුළුවන් මේ රටේ නිර්මාණය වන නව නිෂ්පාදන ආරක්ෂා කරන්නත් ප්‍රවර්ධනය කරන්නත්.

'රටට අගය එකතු කරන්නෙක්'

'නෙල්ලි කෝලා, ගරක් කෝලා හා  තල් කෝලා යන මුදිත සමනක්කොඩි මැතිතුමාගේ මෙම නිෂ්පාදන දේශීය වෙළෙඳපොළ ජයග්‍රහණය කරන විට තමයි ඔහුට හිතෙන්නේ විදේශ වෙළෙඳපොළ කරාත් මේ නිෂ්පාදන රැගෙන යෑමට. මේ කරන්නේ, අපේ රටට අගය එකතු කිරීමක්, 'මේඩ් ඉන් ශ්‍රී ලංකා' සන්නාමයට අගය එකතු කිරීමක්. එසේ අපේ රටට අගය එකතු කරනු ලබන කර්මාන්තකරුවන්ට අප සැමගේ සහයෝගය ලැබිය යුතුව තිබෙනවා. 'නෙල්ලි කෝලා වගේම අද ජනගත කරනු ලබන පාන වර්ග දෙකත් අපේ පාරිභෝගික සමාජය වැළඳගනියි' කියන විශ්වාසය මට තිබෙනවා. තවදුරටත් අපගේ දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් මෙවැනි නිෂ්පාදන සිදු කිරීමට මුදිත සමනක්කොඩි මැතිතුමාට හැකිවේවා'යි ප්‍රාර්ථනය කරනවා."






 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu