gossiplanka alexa අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග

අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම සඳහා විදුලිය ඉතිරිකර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව විදුලිය ඉතිරිකර ගැනීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ඔවුන් දන්වා සිටිනවා. 

විදුලි පාරිභෝගියකින් - සවස 6ත් රාත්‍රී 10ත් අතර කාලයේ දී විදුලි ස්ත්‍රික්ක, විදුලි උඳුන්, විදුලි හීටර, රෙදි සෝදන යන්ත්‍ර, වායු සමීකරණ යන්ත්‍ර ආදී විදුලි උපකරණ භාවිතයෙන් වළකින්න. 

මාර්ග සංවර්ධන අධිකාරිය සහ පළාත් පාලන ආයතන - 80%ක් වීථි ලාම්පු නිවා දමන්න.

ව්‍යාපාරික ස්ථාන සහ රජයේ කාර්යාල - සවස 2.30ත් 4.30ත් අතර වායු සමීකරණ යන්ත්‍ර භාවිතයෙන් වළකින්න. කාර්යාල කාලයෙන් පසුව සියළුම විදුලි පහන් නිවා දමන්න. සෑම විටම අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්න.

එසේම සෑමවිටම,

  • වායු සමීකරණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 මට්ටමේ තබාගන්න
  • කාර්යක්ෂම විදුලි උපකරන පමණක් භාවිතා කරන්න
  • බිල්බෝඩ් සහ සංඥා පුවරුවල විදුලි පහන් දැල්වීමෙන් වළකින්න
  • විදුලි ජනක යන්ත්‍ර ඔබ සතු නම් ඒවා භාවිතයෙන් පමණක් වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කරන්න

ඉහත ක්‍රියාමාර්ග අනුගමනය කිරීම මඟින් මෙගා වොට් 300ක විදුලි ධාරිතාවයක් දෛනිකව අඩුකරන අතර විදුලිය කප්පාදු කිරීමේ අවශ්‍යතාවය වළකන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කර සිටිනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu