gossiplanka alexa යුක්‍රේනයේ යුද ගැ‍ටුම් ශ්‍රී ලංකාවට කරන බලපෑම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යුක්‍රේනයේ යුද ගැ‍ටුම් ශ්‍රී ලංකාවට කරන බලපෑම

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට ගෙන යන සටන් නිසා ලෝකයේ සෑම ක්ෂේත්‍රයකටම පාහේ දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මේ හේතුව නිසා ශ්‍රී ලංකාවේ ද දැඩි අර්බුදයක් හටගනු ඇති බවට සැක පළ කෙරෙනවා. 

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදය

ශ්‍රී ලංකාව මේ වන විට විදේශ විනිමය සහ බලශක්ති අර්බුදයකට ඉතා දැඩි ලෙස ගොඳුරු වී තිබෙනවා. යුද ගැ‍ටුම් හේතුවෙන් මෙම තත්ත්වය තවත් උග්‍ර විය හැකි බවයි විශේෂඥයින් පවසා ඇත්තේ. දැනට ලෝක වෙළඳපොලේ ඩොලර් 100ට පවතින බොරතෙල් බැරලයක මිල ඩොලර් 120 දක්වා වර්ධනය වීමක් පෙන්නුම් කරනවා. ඒ හේතුවෙන් ඉන්ධන මිලදී ගැනීමට ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කිරීමට සිදුවනවා. ශ්‍රී ලංකාවේ දැනට ද අවශ්‍ය ඉන්ධන තොග ලබා ගැනීමට විදේශ සංචිත නොමැති වීමෙන් ඉන්දියාවෙන් ඉන්ධන ලබා ගැනීමට ඩොලර් මිලියන 400ක ණයක් ලබා ගෙන තිබුනත් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම නිසා බලාපොරොත්තු වූ තෙල් තොග ප්‍රමාණය ලබා ගැනීමට නොහැකි වනු ඇති බවයි විශේෂඥයින් පවසන්නේ. 

දැනට පවතින ඩොලර් අර්බුදය මැද තවත් වැඩිපුර ඩොලර් ගෙවීමට සිදු වුවහොත් එය මහ බැංකුවට දරා ගැනීමට නොහැකි තත්ත්වයක් විය හැකි බව ඔවුන් පවසා තිබෙනවා.

අපනයන අංශයට සිදුවන බලපෑම

ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයන්හි ප්‍රධාන ගැනුම්කරුවන් වන්නේ රුසියාව සහ යුක්‍රේනයයි. පවතින යුද වාතාවරණය නිසා ගැනුම් විශාල ලෙස පහත වැටීමෙන් අපට විදේශ විනිමය ලැබෙන තවත් මාර්ගයක් අහිමි වී යනවා. යුද්ධය පවතින වාතාවරණයක ඔවුන් ආරක්ෂාව සඳහා අවධානය යොමු කිරීමේ දී පරිභෝජන අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය ලබා නොදීම නිසා මෙසේ විදේශ විනිමය ලැබෙන මාර්ගයක් කෙටි කාලීනව හෝ දිගු කාලීනව අහිමි වී යන බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ. එසේම රුසියාවට පනවා ඇති සම්බාධක නිසා එහි බලපෑම ශ්‍රී ලංකාවේ තේ අපනයනයට ද බලපානු ඇති බවයි පැවසෙන්නේ.

රුසියාවෙන් සහ යුක්‍රේනයට භාණ්ඩ අපනයනයට අමතරව එම රටවලින් ශ්‍රී ලංකාවට අවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම ද සිදුවනවා. රුසියාවෙන් ප්‍රධාන වශයෙන් ඇස්බැස්ටෝස්, තිරිඟු ද යුක්‍රේනයෙන් තිරිඟු සහ බාර්ලි ද  කෙරෙනවා. 

රත්‍රන් සහ බොරතෙල් මිල ඉහළ යාම

යුද ගැ‍ටුම් උත්සන්න වීමත් සමඟම ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 105 දක්වා ඉහළ ගියා. මෙසේ බොරතෙල් බැරලයක මිල ඉහළම අගයක් සටහන් වූයේ 2014 න් පසුවයි. 

එසේම ලෝක වෙළඳපොලේ රත්‍රන් මිල ද වසර එකහමාරකට පසු ඉහළම මිලක් වාර්තා කලා. එයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව ආයෝජකයින් ආරක්ෂිත ආයෝජනයක් ලෙස රත්‍රන් සහ පැලේඩියම් වෙත යොමු වීමයි. මුල දී Spot Gold අවුන්සයක් ඩොලර් 1,973.96 මිලකට ළඟා වූ අතර පසුව රන් අවුන්සයක මිල ඩොලර් 1,926.51ක් ලෙස සටහන් වී තිබුණා.

රුසියන් ආක්‍රමණය පූර්ණ න්‍යෂ්ටික යුද්ධයක් දක්වා වර්ධනය වීමේ අවදානම

රුසියන් ආක්‍රමණයට එරෙහිව යම් හෙයකින් නේටෝ සංවිධානය කටයුතු කිරීම ආරම්භ කළහොත් ඇමරිකාව ද නේටෝ සංවිධානයේ සාමාජිකයෙක් ලෙස එයට සහයෝගය දක්වනු ලබනවා. න්‍යෂ්ටික ශක්තිය ඇති රටවල් කිහිපයක්ම මෙලෙස යුද්ධයට අවතීර්ණ වීම ඉතා භයානක තත්ත්වයක් මතු කරනු ඇති බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ. තොරතුරු හුවමාරුවේ දී යම් කිරිසි අනවබෝධයක් ඇතිවුවහොත් අනිවාර්යයෙන්ම පූර්ණ වශයෙන් මෙය න්‍යෂ්ටික යුද්ධයක් දක්වා වර්ධනය විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා. 

ආශ්‍රිත : BBC



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu