gossiplanka alexa වෛද්‍යවරුන් සඳුදා දින වර්ජනයක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වෛද්‍යවරුන් සඳුදා දින වර්ජනයක

ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීම සහ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා මඟින් මුළු රාජ්‍ය සේවයම වර්ජන රැල්ලකට යොමු කරමින් වර්තමාන රජය කටයුතු කිරීමට එරෙහිව 2022 පෙබරවාරි 21 වෙනි සදුදා දින සංකේත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සඳහා අවතීර්ණය වීමට තීරණය කර තිබෙනවා.

ජාතික වැටුප් ප්‍රතිපත්තිය බිඳවැටීම නිසා උද්ගතව ඇති වර්තමානයේ වර්ජන රැල්ල සඳහා ඍජු වගකීම රජය භාර ගත යුතු අතර එය විසදීම සඳහා ඇති එකම ක්‍රියාමාර්ගය කැබිනට් පත්‍රිකා මඟින් වැටුප් පිළිබඳ තීන්දු තීරණ ගැනීම නවතා, තාක්ෂණික දැනුමක් සහිත පිරිස්ගෙන් සමන්විත ජාතික වැටුප් කොමිසමට යොමු කර, ජාතික වැටුප් ප්‍රතිපත්තියට අනුගතව රාජ්‍ය සේවයේ වැටුප් පිළිබඳ තීරණ ගැනීම පමණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිවේදනය.

රටක් යුද්ධයෙන් මෙන්ම ප්‍රතිපත්ති වලින් තොර වැටුපෙන්ද අස්ථාවර කළ හැක.

වැටුප යනු ඕනෑම ආයතනයක හෝ රටක මානව සම්පතේ නිවැරදි සංයුතිය කාර්යක්ෂමව සහ වඩා ඵලදායිතාවයෙන් පවත්වාගෙන යාමට මෙන්ම එමඟින් අපේක්ෂිත කාර්යභාරය සාර්ථකව ඉටු කිරීමෙහිලා තීරණාත්මක සාධකයකි. 

වැටුප ප්‍රශස්ත නොවු විට එම ආයතනයට හෝ සේවාව සඳහා නිවැරදි මානව සම්පත ලබා ගැනීමට හෝ රඳවා ගැනීමට නොහැකි වේ. 

වැටුප් පරිමාණ වැරදි ලෙස පිහිටවුවහොත් එම ආයතනය හෝ සේවාවේ ඵලදායිතාවය බිදවැටීමට අමතරව ආයතනයේ අභ්‍යන්තර ස්ථාවරත්වය අහිමි වී යයි. 

වැටුප; මූලික වැටුප, දීමනා සහ වරප්‍රසාද යන අංගයන්ගෙන් සමන්විත වන අතර එහි පරිමාණ තීරණය කිරීමේදි අධ්‍යාපන සුදුසුකම්, පුහුණු කාලය, තාක්ෂණික නිපුණතා, තීරණ ගැනීමේ වගවීම හා වගකීම, වෘත්තීය අවදානම සහ සංකීර්ණත්වය ආදී සාධක සලකා බැලේ. 

2003 වසරට පෙර වැටුප නමැති සාධකය අත්තනෝමතික ලෙස අමාත්‍යංශ කමිටු සහ කැබිනට් මණ්ඩලය හරහා එළිදැක්වීම නිසා රාජ්‍ය සේවය වර්ජන රැල්ලකට මුහුණ දුනි. එහි වැඩිම පීඩාවට පත් වු සෞඛ්‍ය සේවය වසරේ දින 365 න් දින 183 ක් ඉක්ම වු දින ගණනක් වර්ජන රැල්ලක් නිසා බිඳ වැටුණි. 

එහිදි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම කරුණ තේරුම් ගෙන වැටුප යන සාධකය නිවැරදි මගට අවතීර්ණය කර, වර්ජන හමුවේ බිඳ වැටුණු රාජ්‍ය සේවය වඩා ඵලදායි තත්ත්වයකට ඉහළ නැංවීමට පහත යෝජනා 3 හරහා කටයුතු කරන ලදී. 

1. නිවැරදි අධ්‍යයනයකින් තොරව අත්තනෝමතික වැටුප් පරිමාණ එළිදක්වන කැබිනට් පත්‍රිකා, අමාත්‍යංශය කමිටු හා කැබිනට් අනුකමිටු පිටු දැකීම. 

2. ජාතික වැටුප් කොමිසමක් පත් කර අදාල විෂය සම්බන්ධ ප්‍රාමාණික වියතුන්ගෙන් ඊට සම්පත් දායකත්වය ලබා ගැනීම.

3. ජාතික වැටුප් ප්‍රතිපත්තියකට අනුගතව පමණක් සියලු වැටුප් සංශෝධන සිදු කිරීම. 

2003 වසරේ එවකට ජනාධිපතිනි ගරු චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මැතිණිය ජාතික වැටුප් කොමිසම් සභාවක් පිහිට වු අතර හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මහතා එම කොමිසම් සභාව විසින් 2006 වසරේදී සකසන ලද ජාතික වැටුප් ප්‍රතිපත්තිය ආරක්ෂා කරමින් රාජ්‍ය සේවය සඳහා ස්ථාවරත්වයක් ලබා දුනි. 

නමුත්, නැවතත් යහපාලන රජය සමයේ අධිකරණ සහ නීති ක්ෂේත්‍රය තුල වැටුප්, කැබිනට් මණ්ඩලය මඟින් සංශෝධනය කරමින් ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝණය කිරීම ආරම්භ කරන ලදී. වර්තමාන ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයද එම අත්තනෝමතික ක්‍රියාවලිය තවදුරටත් වියවුල් කරමින් කැබිනට් මණ්ඩල සහ අමාත්‍යංශ පත්‍රිකා මඟින් හෝ පුද්ගලානුබද්ධ කොමිෂන් සභා මඟින් ඉහත සඳහන් කළ වැටුප් පරිමාණ තීරණය කිරීමේදි තිබිය යුතු කිසිදු සාධකයක් සැලකිල්ලට නොගනිමින් කටයුතු කරයි. 

අද වන විට යුද්ධය පැවති සමයේ රට අස්ථාවර වූ ලෙසම වැටුප යන සංවේදි කාරණය නිසා රට තුළ වර්ජන රැල්ලක් ඇති වී රටම අස්ථාවර වෙමින් පවතියි.

ඒ අනුව අද දින රැස් වු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීම සහ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා මඟින් මුළු රාජ්‍ය සේවයම වර්ජන රැල්ලකට යොමු කරමින් වර්තමාන රජය කටයුතු කිරීමට එරෙහිව 2022 පෙබරවාරි 21 වෙනි සදුදා දින සංකේත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සඳහා අවතීර්ණය වීමට තීරණය කරන ලදී.  




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu