gossiplanka alexa බොරතෙල් බැරලයක මිල තවත් ඉහළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බොරතෙල් බැරලයක මිල තවත් ඉහළට

මැද පෙරදිග පවතින දේශපාලනික අස්ථාවරත්වය, යුක්‍රේනයේ යුද වාතාවරණය සහ ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය යන කරුණු මුල් කර ගනිමින් ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතිනවා. 

පසුගිය සතියේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81 ලෙස පැවති අතර එය මේ වන විට ඩොලර් 91 දක්වා ඉහළ ගොස්  තිබෙනවා. එම වැඩි වීමත් සමඟම ජනවාරි මාසයේ දී පමණක් බොරතෙල් මිල 17%ක ප්‍රමාණයකින් වැඩි වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

එය වසර 30ක කාලයක දී ලෝක බොරතෙල් වෙළඳපොළේ වාර්තා වූ ඉහළම මිල ලෙසයි හැඳින්වෙන්නේ. ඉදිරියේ දී බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu