gossiplanka alexa මැති ඇමතිවරු 48කට එරෙහිව වාසු නඩු මගට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මැති ඇමතිවරු 48කට එරෙහිව වාසු නඩු මගට

මැති ඇමතිවරුන් 48 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජාතික ජල සම්පාදන මණ්ඩලයට දන්වා තිබෙනවා. එසේ නඩු පැවරීමට දන්වා ඇත්තේ රුපියල් කෝටියකට ආසන්න හිඟ ජල බිල්පත් ගෙවා නොමැති රජයේ නිවාස වල වෙසෙන මැති ඇමතිවරුන් 48කට එරෙහිවයි. 

නඩු පවරන බවට සඳහන් ලිපි වහාම එම මැති ඇමතිවරුන් වෙත යොමු කරන ලෙස ද අමාත්‍යවරයා පසුගිය 24 වන දින ජල සම්පාදන මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. පසුගිය යහපාලන ආණ්ඩුවේ සහ වත්මන් රජයේ සිටින මැති ඇමතිවරුන් මෙසේ ජල බිල්පත් ගෙවා නොමැති අතර ඔවුන්ට එම බිල්පත් ගෙවීම සඳහා අවස්ථා තුන හතරක දී දැනුම් දී තිබුණා. එහෙත් ඔවුන් ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වා නැති බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව පසුගිය ජනවරි 24 වන දින පැවති සාකච්ඡාවක දී හිඟ බිල්පත් නොගෙවීම හේතුවෙන් අදාළ මැති ඇමතිවරුන්ට එරෙහිව නඩු දැමීමට තීරණය වී තිබෙනවා. එසේම එම සාකච්ඡාවේ දී බිලධාරීන් විසින් අමාත්‍යවරයාට පවසා ඇත්තේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටින පුද්ගලයින් ද රුපියල් කෝටි 7ක ජල බිල්පත් ගෙවා නොමැති බවයි. එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ එම පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට පෙර ජල බිල්පත් ගෙවා නොමැති මැති ඇමතිවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu