gossiplanka alexa ටොංගා දූපත් රාජ්‍යය වසා දමයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ටොංගා දූපත් රාජ්‍යය වසා දමයි

ටොන්ගා දූපත් රාජ්‍ය වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා. එයට හේතු වී ඇත්තේ ටොංගා රාජ්‍යයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හමුවීමයි.

මෙතෙක් කොරෝනා ආසාදිතයින් නොමැති රාජ්‍යයක් ලෙස ටෝංගා රාජ්‍ය හඳුනාගෙන තිබුණා. නමුත් පසුගිය දිනකදී සිදු වූ ප්‍රබල ගිනිකඳු පිපිරීම හේතුවෙන් ඇති වූ දරුණු සුනාමි තත්ත්වය නිසා ටොන්ගා රාජ්‍යයටවැසියන්ට ජලය සහ ආහාර හිඟයක් ඇති වුණා. ඒ හේතුවෙන් එම රාජ්‍යයට නොයෙක් රටවලින් ආධාර ලබා ගැනීමට සිදු වුණා. රටවල් රැසකින් ආධාර රැගත් විශාල නෞකා ටොංගා දූපත් වෙත පැමිණියා. එහිදී මෙම කොරෝනා වෛරසය රට තුළට ඇතුළුවන්නට ඇතැයි සැක පළ කරනවා.

ඒ අනුව, රට තුළට වෛරසය ඇතුළුවීම සහ වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මෙලෙස රට වසා දමන බවයි එරට අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ. එසේම විදෙස් රටවලින් ලැබෙන ආධාර කොරෝනා ව්‍යාප්තිය සිදු නොවන අයුරින් බෙදා හැරීමට විශේෂ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර තිබෙනවා. 

ටොංගා රාජ්‍ය අඟුළු දැමීමත් සමඟම කිසිදු දූපතක සිට අනෙක් දූපතකට බෝට්‍ටු හෝ ගුවන් යානා ගමන් කිරීම සම්පූර්ණයෙන් තහනම් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu