gossiplanka alexa පාර්ලිමේන්තු කාරක සභා සභාපතිවරුන් පත් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තු කාරක සභා සභාපතිවරුන් පත් කෙරේ

පාර්ලිමේන්තුවේ කාරක සභා කිහිපයක සභාපතිවරුන් පත් කර තිබෙනවා. 

ඒ අනුව  නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී නිතරඟයෙන් තේරී වී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 122 (1) ප්‍රකාරව තේරීම් කාරක සභාව විසින් මෙම කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ලෙස ගරු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, නිමල් ලාන්සා, ජානක වක්කුඹුර, එස්. වියාලේන්ද්‍රන්, තේනුක විදානගමගේ, ජීවන් තොන්ඩමන් යන මහත්වරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉම්තියාස් බාකීර් මාකාර්, දිලිප් වෙදආරච්චි, මනූෂ නානායක්කාර, කේ. කාදර් මස්තාන්, අශෝක ප්‍රියන්ත, සිවඥානම් ශ්‍රීතරන්, තුෂාර ඉඳුනිල් අමරසේන, මුජිබුර් රහුමාන්, රෝහිණි කුමාරි විජේරත්න, වරුණ ලියනගේ, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, ගීතා සමන්මලී කුමාරසිංහ, කුලසිංහම් තිලීපන්, නිපුණ රණවක, රාජිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් පසුගිය දා පත් කලා.

මේ අනුව මෙම කාරක සභාවේ සාමාජිකයින් ලෙස නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ කටයුතු කළ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා වෙනුවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය ද සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. එම්. මුෂාරෆ් මහතා වෙනුවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීතරන් මහතා ද පත් කර තිබුණා.

විශේෂයෙන් මහජන පෙත්සම් කාරක සභාවට ඉදිරිපත් කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීම සිදු කළ හැකි ආකාරය පිළිබඳව ද මහජනතාව සමඟ ඍජුව සම්බන්ධ වන ආකාරය පිළිබඳව ද මෙහිදී කාරක සභාවේදී සාකච්ඡා වුණා. එසේම මහජන පෙත්සම් ඉක්මනින් විසදීම සඳහා මහජන පෙත්සම් කාරක සභාව පාර්ලිමේන්තුවේ රැස්වීම් පැවැත්වෙන සතිවල දින දෙකක් හෝ තුනක් රැස්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

එසේම රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ (කෝපා) සභාපතිත්වයට මහාචාර්ය තිස්ස විතාරණ මහතා යළිත් පත් කර තිබෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊ (10) රැස්වූ කාරක සභාවේදී රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ සදහා යෝජනාව ඉදිරිපත් කළ අතර , පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා එය ස්ථීර කළා.

මහාචාර්ය තිස්ස විතාරණ මහතා 9 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 (1) අනුව පසුගියදා තේරීම් කාරක සභාව විසින් මෙම කාරක සභා සාමාජිකයෝ පත් කරනු ලැබුවා. ඒඅනුව අමාත්‍ය උදය ගම්මන්පිල, රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර , ලසන්ත අලගියවන්න, (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ, ශෙහාන් සේමසිංහ, ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, හරීන් ප්‍රනාන්දු, නිරෝෂන් පෙරේරා, අශෝක් අබේසිංහ, බුද්ධික පතිරණ, කේ. කාදර් මස්තාන්, මොහමඩ් මුසම්මිල්, සිවඥානම් ශ්‍රීතරන්, හේෂා විතානගේ, (වෛද්‍ය) උපුල් ගලප්පත්ති, බී. වයි. ජී. රත්නසේකර, වීරසුමන වීරසිංහ, (මහාචාර්ය) රංජිත් බණ්ඩාර සහ (ආචාර්ය) හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහූ සෙසු සාමාජිකයෝ ලෙස කටයුතු කරනු ලබනවා.

මහජන වියදම් සදහා පාර්ලිමේන්තුව විසින් ප්‍රදානය කරනු ලබන මුදල් විසර්ජනය කිරීම පෙන්නුම් කරන ගිණුම්ද, රජයේ ගිණුම් පිළිබද කාරක සභාව විසින් සුදුසු යැයි සලකනු ලැබිය හැකි පාර්ලිමේන්තුව ඉදිරියේ තබනු ලබන වෙනත් යම් ගිණුම්ද විගණකාධිපතිවරයාගේ සහාය ඇතිව පරීක්ෂා කරනු ලැබීම රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ කර්තව්‍ය වනවා.

අද කාරක සභාව රැස්වූ අවස්ථාවට සාමාජික මන්ත්‍රීවරයන් වන අමාත්‍ය උදය ගම්මන්පිල, රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, ශෙහාන් සේමසිංහ, ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, නිරෝෂන් පෙරේරා, අශෝක් අබේසිංහ, , මොහමඩ් මුසම්මිල්, සිවඥානම් ශ්‍රීතරන්, (වෛද්‍ය) උපුල් ගලප්පත්ති, බී. වයි. ජී. රත්නසේකර, වීරසුමන වීරසිංහ සහ (මහාචාර්ය) රංජිත් බණ්ඩාර යන මහත්වරු එක්ව සිටියා.

තව ද කෝප් කමිවුවේ සභාපතිත්වයට යළිත් මහාචාර්ය චරිත හේරත් මහතා පත් කර තිබෙනවා. 9 වන පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයට අදාළව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා තේරී පත්වුණා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (10) රැස්වූ එම කාරක සභාවේ සාමාජික මන්ත්‍රිවරයන්ගේ යෝජනා ස්ථීරත්වයෙන් සභාපතිවරයා පත් කෙරුණා. අමාත්‍ය සරත් වීරසේකර මහතා යෝජනාව ඉදිරිපත් කළ අතර , පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා එය ස්ථීර කළා.

මහාචාර්ය චරිත හේරත් මහතා 9 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 (1) අනුව පසුගියදා තේරීම් කාරක සභාව විසින් මෙම කාරක සභා සාමාජිකයෝ පත් කරනු ලැබුවා. ඒඅනුව අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, (ආචාර්ය) සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජයන්ත සමරවීර, ඩී. වී. චානක, ඉන්දික අනුරුද්ධ, (ආචාර්ය) නාලක ගොඩහේවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, සුසිල් ප්‍රේමජයන්ත, අනුර දිසානායක, පාඨලී චම්පික රණවක, ජගත් පුෂ්පකුමාර, (ආචාර්ය) හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, නලින් බණ්ඩාර ජයමහ, එස්. එම්. මරික්කාර්, ප්‍රේම්නාත් සී. දොලවත්ත, ෂානක්කියන් රාසමාණික්කම්, මධුර විතානගේ සහ සාගර කාරියවසම් යන මහත්වරු ‍සෙසු සාමාජික මන්ත්‍රීවරු ලෙස කටයුතු කරනවා.

පසුගිය සභාවාරයේ කොප් කමිටුවේ සාමාජිකත්වය දැරූ හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් කබ්රාල් මහතා වෙනුවට මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සාමාජික මන්ත්‍රීවරයෙක් ලෙස පත්වී තිබෙනවා.

මෙහිදී, 9 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ අවසාන කාර්තුව තුළදී සිදුකරන ලද විමර්ශනයන් හා සම්බන්ධ පොදු ව්‍යාපාර පිලිබඳ කාරක සභාව විසින් සකස් කරන ලද තුන්වන වාර්තාව මෙම සභාවාරයට ඉදිරිපත් කිරීම සඳහා සාමාජිකත්වයේ අනුමැතිය හිමි වුණා.

ඉදිරි රැස්වීම් පැවැත්වීමේදී, පසුගිය සභාවාරයේදී කෝප් කමිටුව වෙත කැඳවා එහෙත් විවිධ හේතුන් මත කල් දැමීම‍ට සිදුවූ ආයතන නැවත කැඳවීමටද කමිටුවේ එකඟතාවය හිමි වුණා.

එමෙන්ම ඉදිරි රැස්වීම් සඳහා ආයතන කැඳවීමේදී අවශ්‍යතාවය අනුව ප්‍රමුඛතා ලැයිස්තුවක් සැකසීමටද කමිටුවේදී යෝජනා වුණා.

රාජ්‍ය සංස්ථා, මුළුමනින්ම හෝ කොටසක් ආණ්ඩුව විසින් අරමුදල් සපයනු ලබන ආයතනවල ගිණුම් සහ යම් ලිඛිත නීතියක් මගින් ආණ්ඩුවට පවරා ගන්නා ලද යම් ව්‍යාපාරයක් හෝ වෙනත් පැවරීමක් සම්බන්ධව පාර්ලිමේන්තුව ඉදිරියේ තබනු ලබන ගිණුම් විගණකාධිපතිවරයාගේ සහය ඇතිව පරීක්ෂා කිරීම පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ කාර්ය වේ.

අද කාරක සභාව රැස්වූ අවස්ථාවට කමිටු සාමාජික මන්ත්‍රීවරයන් වන රෝහිත අබේගුණවර්ධන, (ආචාර්ය) සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජයන්ත සමරවීර, ඩී. වී. චානක, ඉන්දික අනුරුද්ධ, (ආචාර්ය) නාලක ගොඩහේවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, පාඨලී චම්පික රණවක, ජගත් පුෂ්පකුමාර, (ආචාර්ය) හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, ප්‍රේම්නාත් සී. දොලවත්ත, ෂානක්කියන් රාසමාණික්කම්, මධුර විතානගේ සහ සාගර කාරියවසම් යන මන්ත්‍රීවරු එක්ව සිටියා.

රජ‍‍යේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට අනුර ප්‍රියදර්ශන යාපා මහතා නිතරගයෙන් පත් වී තිබෙනවා. නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරයේ ප්‍රථම වරට පසුගියදා (08) රැස්වූ රජ‍‍යේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට හිටපු සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා නිතරගයෙන් තෝරා පත් කරගැනිණි. එම මහතාගේ නම යෝජනා කරන ලද්දේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී , මහාචාර්ය රංජිත් බණ්ඩාර විසින්.

රජ‍‍යේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ මෙම කාරක සභාවේදී 2011 අංක 13 දරන පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) පනත සඳහා වන සංශෝධනය අනුමත කෙරුණා. මෙමඟින්, යම් තැනැත්තකු විසින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ ගිණුමට ප්‍රේෂණය කරන ලද මුද්දර ගාස්තුවක් හෝ දඩයක් ,ගෙවිය යුතු පමණ ඉක්මවා ගෙවා ඇත්නම් එය ප්‍රතිපූර්ණය කිරීමට නීතිමය ප්‍රතිපාදන කෙටුම්පත් කර තිබෙනවා.

එසේම,2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ , කොළඹ වරාය පුළුල් කිරීම බටහිර බහාලුම් පර්යන්තය (WCT-1) සඳහා වන සංවර්ධන ව්‍යාපෘතියට බදු නිදහස් කිරීම සඳහා වන 2021 නොවැම්බර් 15 දිනැති අංක 2254/2 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය සඳහාද රජයේ මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිවිණි. එමඟින්, අදාළ ව්‍යාපෘතියේ කොටස් හිමියන් සඳහා වසර 25 ක කාල සීමාවක ආදායම් බදු මඟින් නිදහස් වන අතර, වැට්, පැල්, සෙස් සහ රේගු බදු වසර 5 කට නිදහස් කරනු ඇත. මෙහිදී , ආයෝජන මණ්ඩලයේ නව සභාපති රාජා එදිරිසූරිය මහතාගෙන් ප්‍රශ්නයක් විමසමින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ , මෙම බදු නිදහස ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන ලංකාව වැනි රටකට කෙතරම් යෝග්‍ය ද යන්නයි. මෙහිදී, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී , මහාචාර්ය රංජිත් බණ්ඩාර විසින් පෙන්වා දුන්නේ පවත්නා තත්ත්වය යටතේ තරගකාරී ලෙස සෙසු රටවල් සමඟ ගැටීමට නම්, මෙවැනි බදු නිදහසක් ලබාදීම අත්‍යාවශ්‍ය බවයි.

එදින රැස්වූ රජ‍‍යේ මුදල් පිළිබඳ කාරක සභාව සඳහා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා , ගරු අමාත්‍යවරුන් වන විදුර වික්‍රමනායක, කංචන වි‌ජේසේකර, ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන්ද ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්තිරන්, ආචාර්ය හර්ෂ ද සිල්වා, විජිත හේරත්, මුජිබුර් රහුමාන්, කවින්ද ජයවර්ධන,නලින් ප්‍රනාන්දු, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආචාර්ය සුරේන් රාඝවන්, අනුප පැස්කුවල්,ඉසුරු දොඩංගොඩ, මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරු සහභාගී වුණා. 





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu