gossiplanka alexa විදේශ ‍රැකියාවල නිරත අයට සුභ ආරංචියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදේශ ‍රැකියාවල නිරත අයට සුභ ආරංචියක්

විදේශ රැකියාවල නියුතුව සිටියදී මරණයට පත්වූ රෝගීවූ සහ අනතුරුවලට ලක්වූ නමුත් රක්ෂණ වන්දි සඳහා හිමිකම් නොලබන විගමනික ශ්‍රමිකයන් සඳහා සේවක සුබසාධක අරමුදල මගින් සහන ප්‍රතිලාභ පිරිනැමීම විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්වුණා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා විදේශ ගත වන සියලුම ශ්‍රී ලාංකිකයන්ට නොමිලයේ රක්ෂණාවරණයක් හිමි වනවා. එම රක්ෂණාවරණය කාර්යාංශයේ ලියාපදිංචි වලංගු කාලසීමාව වන වර්ෂ 2 ක් හෝ 3 ක් සඳහා බලපැවැත්වෙන අතර, ඒ යටතේ මරණ වෙනුවෙන් සහ බරපතල රෝගී තත්ත්වයන්, අනතුරු සහ හිරිහැර සඳහා වන්දි හිමිවනවා.

.එම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ආවරණය නොවන අවස්ථාවලදී ඉතාමත් සාධාරණ හේතූන් සඳහා මානුෂීය පදනම මත සලකා බැලීම සඳහා සේවක සුබසාධක අරමුදලෙහි විශේෂ කමිටුවට යොමුකරනු ලබන අතර , එම කමිටුව මඟින් ගන්නා ලද  තීරණයන් මත සහන සැලසීම සිදු කරනු ලබනවා.

විදේශ රැකියාවක් සඳහා කාර්යාංශයේ ලියාපදිංචි වුව ද එම කාල සීමාව දීර්ඝ කර නොගැනීම හා එය ඉක්මවීමෙන් පසු  බරපතල රෝගී තත්ත්වයන්, අනතුරු, හිරිහැර හෝ මරණ වෙනුවෙන් රක්ෂණ ආවරණය නොලබන විගමනික ශ්‍රමිකයින්  සහ ඔවුන්ගේ යැපෙන්නන් සඳහා කාර්යාංශයේ සේවක සුබසාධක අරමුදල මඟින් සහන ප්‍රතිලාභ වශයෙන් යම් මුල්‍යමය ප්‍රදානයක්  කරනු ලැබෙනවා.

2021.12.10 දින පැවති සේවක සුභසාධක අරමුදල් කමිටුව මඟින් අනුමත කරන ලද ලිපිගොනු 40 ක් යටතේ ප්‍රතිලාභීන් 84 ක් සඳහා රුපියල් මිලියන 9.95 ක මුදලක් ප්‍රදානය කිරීමට අනුමැය ලැබී ඇති අතර, එම අනුමැතිය යටතේ බස්නාහිර පළාතේ ලිපිගොනු 20 ක, ප්‍රතිලාභීන් 47 ක් සඳහා රුපියල් මිලියන 5.25 ක වටිනා කමින් යුත් චෙක්පත්  ප්‍රදානය සිදු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu