gossiplanka alexa ඉදිරි සති දෙක රටම අඳුරට යයි ද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉදිරි සති දෙක රටම අඳුරට යයි ද ?

ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ සමිති සංධානය ඉදිරි සති දෙක තුළ විදුලිය නොමැතිකමින් මුළු රටම අඳුරට පත්වන බව අනතුරු අඟවා තිබෙනවා. කොවිඩ් වසංගත තත්ත්වයෙන් ඇති වූ ආර්ථික හානියට වඩා වැඩි හානියක් මේ මඟින් ඇති විය හැකි බවයි එම සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා මාධ්‍යයට පවසා ඇත්තේ. 

කර්මාන්තශාලා, රජයේ කාර්යාල, පෞද්ගලික අංශයේ ආයතන ආදිය සියල්ලම අකර්මන්‍ය වී සේවකයින්ට නිවෙස්වල ගත කිරීමට සිදුවන බවයි ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ. 

ජනතාවට අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය පියවර නොගෙන විදුලිබල මණ්ඩලය විදුලිබල පනත උල්ලංඝනය කරමින් සිටින බව ජයලාල් මහතා චෝදනා කරනවා. ලංකා විදුලි බල මණ්ඩලය ජනතාවට අඛණ්ඩව විදුලිය සැපයීමට බැඳී සිටින බවත් විදුලිබල මණ්ඩල නිලධාරීන් එය නොතකා කටයුතු කරන බවත් ඔහු පෙන්වා දෙනවා.

එසේම ජනතාව පාවිච්චි කරන විදුලියට බිල ගෙවනාවනම් මණ්ඩලය විදුලිය කපන වේලාවන්වලට ජනතාවට වන්දි මුදලක් ලබා දිය යුතුව ඇතැයි ඔහු සඳහන් කරනවා. දරුණු විදුලි අර්බුදයක් පවතින මෙවන් අවස්ථාවක පවා විදුලිබල මණ්ඩලයේ ටෙන්ඩර් වංචා තවමත් සිදුවෙමින් පවතින බව ජයලාල මහතා මාධ්‍යයට පවසා තිබෙනවා. 

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති මහතා පවසා ඇත්තේ පැය 24ක විදුලි කප්පාදුවක් ගැන පළ කරන අනාවැකි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි. විදුලිබලයේ අර්බුදයක් ඇති බවත් අවශ්‍යතාව අනුව විදුලි කප්පාදුවක් සිදු කරන අතරම එය විසඳා ගැනීමට ක්‍රමානුකූල පියවර ගන්නා බවත් ධර්මකීර්ති මහතා වැඩි දුරටත් පවසා තිබෙනවා.

ආශ්‍රිත : මව්බිම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu