gossiplanka alexa ලංකා විදුලි බල මණ්ඩලයේ ලොකු පු‍ටුව නිසා අර්බුදකාරී තත්ත්වයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලංකා විදුලි බල මණ්ඩලයේ ලොකු පු‍ටුව නිසා අර්බුදකාරී තත්ත්වයක්

ලංකා විදුලිබල මණ්ඩලයේ  සමාන්‍යාධිකාරී ධූරයේ පුරප්පාඩුව පුරවාගත නොහැකිව අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. මීට හේතුව වී ඇත්තේ දේශපාලන බලධාරීන් සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් අතර ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වයයි.

යුගදනව් ගිවිසුමට පක්ෂ වීම සහ විපක්ෂ වීම යන ස්ථාවරයන්  මත පුරප්පාඩුවට සුදුස්සා තේරීම මෙසේ මතභේදාත්මක තත්ත්වයකට පත්ව ඇති බව ආරංචි මාර්ග පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී වරයා ලෙස කටයුතු කල එම්.ආර් රණතුංග මහතා පසුගියදා විශ්‍රාම ගනු ලැබුවා. ඒ වෙනුවට ඉංජිනේරු ඩී.සී.ආර් අබේසේකර මහතා පත් කිරීමට ගාමිණී ලොකුගේ විදුලි බල අමාත්‍යවරයාගෙන් අනුමැතිය හිමිවුව ද ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ විරෝධතාව මත එය ක්‍රියාත්මක වූයේ නැහැ. 

පසුව හිටපු සාමාන්‍යාධිකාරිවරයාවම පත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති නමුත් ඉංජීනේරු සංගමය ඊට ද සිය විරෝධතාව පළ කර තිබෙනවා. ඒ අනුව ආචාර්ය ප්‍රසන්න පෙරේරාගේ නම පුරප්පාඩුව සඳහා යෝජනා වී ඇති අතර එයට විදුලි ඉංජිනේරු සංගමයේ ඒකමතික එකඟතාවයක් පළ වී නැහැ. 

මේ හේතුව නිසා ඊයේ (14) දිනය වන විටත් ලංවිම සමාන්‍යාධිකාරී ධූරයට කිසිවෙකුත් පත් කර ගත නොහැකි තත්ත්වයක් මතු වී තිබෙනවා. 

තෙල් සහ ගල් අඟුරු මිලදී ගැනීමට ප්‍රමාණවත් තරම් මුදල් නොමැති මෙවන් අර්බුදකාරී අවස්ථාවක දී ලංකා විදුලිබල මණ්ඩලය ද අර්බුදයකට තල්ලු වීමෙන් ගැටළු ගණනාවක් මතුවිය හැකි බවයි ආරංචි මාර්ග පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu