gossiplanka alexa සුසිල් ප්‍රේමජයන්ත ඉවත්කිරීම ගැන මැති ඇමතිවරුන්ගේ අදහස්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සුසිල් ප්‍රේමජයන්ත ඉවත්කිරීම ගැන මැති ඇමතිවරුන්ගේ අදහස්

සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම පිළිබඳව මැති ඇමතිවරුන් සිය අදහස් පළ කර තිබෙනවා.

වාසුදේව නානායක්කාර

"ජනාධිපතිවරයා බලතල පාවිච්චි කිරීමට පෙර සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයාට ධූරයෙන් ඉවත්වන ලෙස දැන්විය යුතුව තිබුණා. ඉවත් කිරීමට හේතුව ඔහු කළ අන්තිම ප්‍රකාශය නම් ඒ ගැන යම් කිසි විමර්ශනයකින් පසුව තමයි එවැනි පියවරක් ගන්න ඕනෑ. එය විවේචය කිරීමක් නෙවෙයි. වෙනස් මත පළ කිරීමක්. ඒ අයිතිය අපි හැමෝටම තියෙන්න ඕනෑ. කැබිනට් හමුවේ දී සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා ගැන කතා වුණා. ඔහුගේ කරුණු දැක්වීම ඔවුන්ගේ අදහසට අනුව ආණ්ඩුවට කළ බරපතල හානියක් කියලයි. අපිනේ ඉස්සෙල්ලම වෙනම මත පල කරපු අය. අපිට කෙළින්ම කිව්ව නම් මේ ඇමති ධූරයෙන් යන්න කියලා ඒක අපි භාරගන්නවා"

ජොන්ස්ටන් ප්‍රනාන්දු

සුසිල් ප්‍රේමජයන්ත අමැතිවරයා රජයේ සහ රජයේ වැඩපිළිවෙළ වගේ ප්‍රතිපත්තිත් නොයෙකුත් අවස්ථාවන්හි විවේචනය කරලා තිබෙනවා. රජය නියෝජනය කරන අමාත්‍යවරයෙක් ලෙස වගකීමක් තිබෙනවා රජයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න. එම ප්‍රතිපත්තිවල වැ‍රැද්දක් තිබෙනවා නම් ඒවා ගැන කතා කරන්න ස්ථාන තිබෙනවා. කැබිනට් ඒකේදී ඒ සම්බන්ධව කතා කරන්න පුළුවන්. ඒ වගේම රාජ්‍ය ඇමතිවරුන්, ජනාධිපතිවරයාව මුණගැහෙන අවස්ථාවලදිත් ඒ අයට ඒවා ගැන කතා කරන්න පුළුවන්. තමන්  යම් කණ්ඩායමකට ක්‍රීඩා කරනවා නම් ඒවා එම කණ්ඩායම ඇතුළේ කතා කරන්න ඕන. ඒවා එළියේ කතා කරන එක නොවෙයි විය යුත්තේ. ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් හැටියට ඒ අය අනිත් අයට ආදර්ශයක් විය යුතුයි. කොන්ද කෙළින් තිබෙන්න ඕන ඇතුලේ කතා කරන්න. ජනාධිපතිවරයා මේ ගත්තේ හරි තීන්දුවක්. මේක මීට කලින් ගන්න තිබුණ තීන්දුවක්. කැබිනට් සාමූහික වගකීම ගැන අවබෝධයක් නැත්නම් ඇමති ධූරයක් දරන්න සුදුසු නැහැ. 

එලියේ කරන දේශපාලනය කැබිනට් එක ඇතුළේ කරන්න බැහැ. කැබිනට් එක ඇතුලේ ඕනෑම දෙයක් කතා කරලා විසඳා ගැනීමට පූර්ණ නිදහසක් ජනාධිපතිතුමා දී තිබෙනවා. හැබැයි ඒක එළියේ ගිහින් විවේචනය කරනවා නම් ඒක වැරදියි. ජනාධිපති කෙරෙහි විශ්වාසය තබලා මේ රටේ බහුතර ජනතාව ලබා දුන්න ජනවරම අපි ආරක්ෂා කල යුතුයි. ආණ්ඩුව ඇතුළේ ඉදගෙන විපක්ෂයේ කාර්යභාරය කරන්න ඕන නැහැ"

වජිර අබේවර්ධන

"අමාත්‍ය ධූර හෝ රාජ්‍ය නිලධාරීන් මාරු කලාට රටක් ගොඩ ගන්න බැහැ. අවශ්‍ය වන්නේ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රතිපත්තීන්. රටේ ප්‍රශ්න විසඳීමට ඇමති ධූර මාරු කිරීම දැක්විය හැක්කේ "හිසරදයට කොට්ට මාරු කළා" වැනි නිදසුනක්.  රටක් ගොඩගන්න දක්ෂ දේශපාලන නායකයෙන් අවශ්‍යයි. රජයේ අසමත්වීම් ඇමතිවරුන්ට නිලධාරීන්ට පටවලා වැඩක් නැහැ. කවුරු වෙනස් කළත් මේ ආණ්ඩුව ගොඩ ගන්න බැහැ"

ඩලස් අලහප්පෙරුම

" මේ පුවත ඇහුවම ක්ෂණිකව දැනුනේ කණගා‍ටුවක්. මෙය ජනාධිපතිවරයාගේ බලතල අනුව ගත් තීරණයක්. එය පක්ෂ අභ්‍යන්තරයේ හෝ කැබිනට් මණ්ඩලයේ දී ගනු ලැබූ තීරණයක් නොවේ. ජනාධිපතිවරයාට අවශ්‍ය වුවහොත් තමා ද අයින් කිරීමට හැකියාව පවතිනවා. ගම්මන්පිල, විමල් ඇමතිවරුන් අධිකරණ ක්‍රියාවලියකට ගිහින් තියෙනවා. කැබිනට් මණ්ඩ්ලය තිබිච්ච සාකච්ඡාවක් සම්බන්ධයෙන්. මං හිතන්නේ කැබිනට් මණ්ඩලය විදියට මේ තරම් පුළුල් ලෙස විවේචනය සහිතව ක්‍රියාත්මක වන කැබිනට් මණ්ඩලයක් මම දැකලා නැහැ. මම කැබිනට් මණ්ඩල රාශියක ඉදලා තියනවා. අපි බලමු මේකට අදාළව ප්‍රධාන හේතුව මොකක්ද කියලා"

විජයදාස රාජපක්ෂ

දැන් පැහැදිලිවම ඔප්පු වෙලා තියනවා රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කතා කරන ඇමතිවරයෙකුටවත් ආණ්ඩුව ඇතුළේ තනතුරක් දරන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියනවා කියලා. එක ඇමතිවරයෙක් අස් කලා. දම්වැලක පුරුක් 100ක් තිබුණත් දම්වැල දුර්වල වෙන්න එක පුරුකක් ගැලවුණත් ඇති. එතැනින් තමයි කඩා වැටීම ආරම්භ වන්නේ"

ගාමිණී ලොකුගේ

රටේ ප්‍රශ්න තිබෙනවානම් ඇමතිවරුන්ට එය කැබිනට් මණ්ඩලයේ දී කතා කල හැකියි. එසේ නොමැතිව පන්සලේ පින්කමේ දී එම ප්‍රශ්නය කතා කලාට කිසි ප්‍රයෝජනයක් නැහැ. ආණ්ඩුවක කටයුතු කරනවා නම් ආණ්ඩුව ආරක්ෂා කරගෙන එම කටයුතු සිදු කල යුතුයි"


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu