ඔමික්‍රෝන් ප්‍රභේදයේ මූලාරම්භය මීයන් යැයි චීන පර්යේෂකයින් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා. විකෘතීන් බහුල ඔමික්‍රෝන් ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිරීමට වෙනත් ක්ෂීරපායීන් දායක වූයේ ද යන්න පිළිබඳව විද්‍යාඥයින්ට ප්‍රශ්නයක මතුව තිබුණා. ඒ අනුව සිදු කල පරීක්ෂණ වල දී මෙම කරුණ සොයා ගැනීමට හැකි වී ඇති බවයි වාර්තා වන්නේ. 

ඔමික්‍රෝන් විසින් අත්පත් කරගන්නා විකෘති පරාසය ඉන් පෙර මිනිස් රෝගීන් තුල පරිණාමය වූ පරාසයන්ට වඩා සැලකිය යුතු ලෙස අධික වීම නිසා පර්යේෂකයින්ට මෙම ගැටළුව මතු වුණා. මීයන් තුළ වෛරසය පරිණාමය වීමේ දී ඇති වූ විකෘති පරාසස සමඟ මෙහි සමානාත්මතාවයක් ඇති බව චීන පර්යේෂකයින් සොයා ගෙන තිබෙනවා.