gossiplanka alexa ධූරයෙන් ඉවත් කල සුසිල් අනාගත දේශපාලනය ගැන කතා කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ධූරයෙන් ඉවත් කල සුසිල් අනාගත දේශපාලනය ගැන කතා කරයි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කල සුසිල් ප්‍රේමජයන්ත මහතා වහාම ක්‍රියාත්මකවන පරිදි රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කරනු ලැබූ බවට ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (04) නිවේදනයක් නිකුත් කලා. 

අමාත්‍යවරයා ධූරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවක මණ්ඩලය සමුදී තිබෙනවා. 

"අනාගතයේ නව දේශපාලන සංස්කෘතියක් බිහිවිය යුතුයි. ඒ සඳහා ජනතාව පෙළ ගැස්සවීමට මම කැපවෙනවා. ඇමති ධූරයෙන් ඉවත් කිරීම ඒ සඳහා මට ඇදුණු ස්විප් එකක්. අලුත් අවුරුදු දාට වඩා මට සුභ පැතුම් ගලාගෙන ආවේ අදයි" යනුවෙන් එහිදී අමාත්‍යවරයා පවසා තිබෙනවා.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මට නුපුරුදු තැනක් නොවේ. මම ඉස්සෙල්ලම කෝට්ටේ නගර සභාවට තරඟ කළේ අත ලකුණින්" අමාත්‍යවරයා වැඩි දුරටත් කියා තිබෙනවා.

මහින්ද රාජපක්ෂ ජනාධිපති පු‍ටුවට ගෙනෙන විට අද බලයේ සිටින පුද්ගලයින් ඡන්දය භාවිතා කිරීමට පවා නොපැමිණි බව අමාත්‍යවරයා පවසා ඇති අතර ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් වටා ජනතාව ගොනු කල යුතු බව අමාත්‍යවරයා එහි දී අවධාරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu