gossiplanka alexa ඇමෙරිකානු අහසේ විශාල උල්කාවක් පුපුරා යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇමෙරිකානු අහසේ විශාල උල්කාවක් පුපුරා යයි

නව වසර ආරම්භයේ අමෙරිකා එක්සත් ජනපදයේ පිටිස්බර්ග් නගරයට ඉහළ අහසේ අතිශය බලවත් උල්කාපාත පිපිරීමක් සිදුවී තිබෙනවා. මෙම උල්කාපාතය පිපිරීමේ බලය සයිනමයිට් ටොන් 30කට සමාන බව නාසා ආයතනය පවසනවා. 

තම හිස්වලට ඉහළින් දැවැන්ත පුපුරායෑමක් සමඟ නව වසර උදාවීම එහි පදිංචිකරුවන්ට බිහිසුණු අත් දැකීමක් වී තිබෙනවා. මෙය 1996 දී එක්සත් රාජධානියේ මැන්චෙස්ටර්හිදී ත්‍රස්තවාදීන් විසින් පුපුරුවා හරින ලද ඩයිනමයිට් ටොන් 16ක පමණ බලයකින් යුක්ත බෝම්බයකට වඩා බලගතු බවයි පැවසෙන්නේ. එම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 200 දෙනෙකු තුවාල ලැබූ අතර පවුම් මිලියන ගණනක හානියක් සිදු වුණා. 

නාසා ආයතනය ඇස්තමේන්තු කර ඇති පරිදි මීටරයක පමණ විෂ්කම්භය සහිත ටොන් භාගයක් පමණ ස්කන්ධයෙන් යුත් මෙම උල්කාපාතය පැයට සැතපුම් 45,000ක පමණ වේගයෙන් පෘථිවිය කරා ඇදෙමින් තිබූ අතර එය පුපුරා ගියේ අවුරුදු දිනයේ නැගෙනහිර වේලාවෙන් පෙරවරු 11.20ට පමණය. මෙම පිපිරීමෙන් කිසිවෙකුට හෝ කිසිදු දේපළකට හානියක් සිදු වී නැහැ. 

මෙවැනි කුඩා ප්‍රමාණයේ උල්කාවක් පෘථිවි වායුගෝලයේ අතරමැද පිපිරී හෝ දැවී විනාශ වන නමුත් විශාල ප්‍රමාණයේ ග්‍රාහකයක් එසේ විනාශ වන්නේ නැත. එවැන්නක් පෘථිවිය සමඟ ගැ‍ටුණහොත් අති විශාල විනාශයක් විය හැකි බවයි විද්‍යාඥයින් පවසන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu