gossiplanka alexa බාලවයස්කාර දරුවන් ටික් ටොක් කරන තරුණයා ඝාතනය කල හේතුව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බාලවයස්කාර දරුවන් ටික් ටොක් කරන තරුණයා ඝාතනය කල හේතුව

'ටික් ටොක්' වීඩියෝවල රඟ දක්වන 17 හැවිරිදි දරුවෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ පුවතක් පසුගියදා වාර්තා වුණා. අබ්දුල් ලතීෆ් නැමති මියගිය දරුවා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ග්‍රෑන්ඩ්ස්පාස් පොලීසීය විසින් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට බාලවයස්කාර දරුවන් 6 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙම දරුවන් හය දෙනා අවුරුදු 12 සිට 16 දක්වා වයස් කාණ්ඩවල පසුවන අය බවයි පැවසෙන්නේ. 

17 හැවිරිදි දරුවා ඝාතනය කර තිබෙන්නේ පිහියෙන් ඇන වන  අතර පිහි ඇණුම සිදු කර ඇත්තේ අවුරුදු 14 සහ 16 යන වයසේ පසුවන දරුවන් දෙදෙනායි. අනෙක් සිව් දෙනා පිහි ඇණුම සිදු කරන අවස්ථාවේ දී එහි ගැවසුණු අය බව පොලීසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. 

මිය ගිය දරුවා ටික් ටොක් වීඩියෝවල රඟ දක්වන නිසා ඔහු පාරේ යන විට සැකකාර දරුවන් විසින් ඔහුට "ටික් ටොක්.." ලෙස අසභ්‍ය අයුරින් උසුළු විසුළු කර තිබෙනවා. එයින් කෝප වූ 17 හැවිරිදි දරුවා තම බෙල්ට් එක ගලවා සැකකාර දරුවන්ට පහර දී ඇති අතර ඒ අවස්ථාවේ දී එක දරුවෙකු ළඟ තිබූ පිහිය ගෙන 17 හැවිරිදි දරුවාගේ යටි බඩ ප්‍රදේශයට ඇන ඇති බව සැකකාර දරුවන්ගේ ප්‍රකාශවල දී අනාවරණය කර ගෙන තිබෙනවා. 

මිනී මැරුම සිදු කිරීමට භාවිත කල පිහිය එම දරුවා පසුගිය 31 වන දින පිටකො‍ටුවෙන් මිල දී ගෙන ඇති අතර පිහියක් මිලදී ගත්තේ කුමන හේතුවක් මතද යන්න විමසීමේ දී දරුවා පවසා ඇත්තේ ඉර‍ටු කැපීමට පිහිය මිලදී ගත් බවයි. 

අත්අඩංගුවට ගත් සැකකාර දරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම බාලවයස්කාර දරුවන් 06 දෙනා ලබන 07 වනදා තෙක් බන්ධනාගාර ආරක්ෂාව යටතේ මාකොළ ළමා නිවාසයේ රඳවා තබන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu