දැනට දින 44කට ඉහත දී අභිරහස් ලෙස අතුරුදන් වූ කොටදෙණියාවේ ඥාති දරුවන් දෙදෙනා සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා. කවීෂ සඳකැලුම් (10) සහ අකිල දේදුණු (12) නැමති මෙම දරුවන් දෙදෙනා පසුගිය නොවැම්බර් 23 වන දින අතුරුදන් වූ බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණා. 

ඒ අනුව ඇසින් දු‍ටු සාක්ෂි සහ සිසීටීවී දර්ශන ඔස්සේ ද පොලීසිය විසින් දරුවන් සෙවීමේ පරීක්ෂණවල නිරත වුණා. 

අද (06) දිනයේ දී දරුවන් දෙදෙනා මීරිගම ප්‍රදේශයේ දී හමු වී ඇති බවයි පොලීසිය පවසන්නේ. මෙම දරුවන් කොටදෙණියාව පොලිස් වසමේ, වත්තේමුල්ල, බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්.