gossiplanka alexa රජ රහස් - ජාතික ආණ්ඩුවක් ගැන කතාබහ යළි කරළියට, රන්ජන් නිසා සජිත් හරින් ගැටුමත් උග්‍ර අතට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රජ රහස් - ජාතික ආණ්ඩුවක් ගැන කතාබහ යළි කරළියට, රන්ජන් නිසා සජිත් හරින් ගැටුමත් උග්‍ර අතට

අභියෝග ජය ගන්න එක්වන්න ජනපතිගෙන් ඇරයුමක්                              

රට මුහුණ දී සිටින අභියෝගය ජයගැනීමට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත දීත් ආණ්ඩු පක්ෂ, විපක්ෂ සියලු දෙනා එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉල්ලා සිටී. 9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී  (18) පෙරවරුවේ ආරම්භ කරමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

සාම්ප්‍රදායිකව සිදු කෙරෙන කටයුතු වලට පමණක් ප්‍රමුඛතාවය දෙමින් පාර්ලිමේන්තු නව සැසි වාරය ආරම්භ කෙරුණු අතර ආචාර පෙළපාලි, රථ වාහන හෝ අශ්වාරෝහක සංදර්ශන කිසිවක් ඊට ඇතුළත් නොවීය.

ගෝලීය ව්‍යසනයකින් පිඩාවට පත්ව සිටින මෙම දුෂ්කර අවස්ථාවේදී, රට ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කිරීමේ ජාතික වගකීම සියලු මහජන නියෝජිතයන්ට පැවරේ. වසර 05 ක් තුළ නිශ්චිත වැඩ කොටසක් ඉටුකිරීමට ජනතාවට පොරොන්දු වුවද ගෝලීය වසංගතය හේතුවෙන් විවිධ බාධාවන්ට මුහුණ දීමට සිදු විය. එහෙත් රජයේ මූලික වගකීම් ඉටු කිරීමට කිසිවිටෙකත් අමතක නොකළ බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

කෙතරම් ආර්ථික දුෂ්කරතා මතු වුවද ජනතාවගේ සෞඛ්‍යය ප්‍රමුඛතාව සේ සලකා අවශ්‍ය සියලු පිරිවැය දැරීමට රජය කටයුතු කළ බව ද ජනාධිපතිතුමා සිහිපත් කරනු ලැබීය.

විවිධ දේශපාලන මතවාදයන් තාවකාලිකව පසෙකලා තම ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය වන ලෙස පාර්ලිමේන්තුව තුළ සිටින උතුරු නැගෙනහිර නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ගෙන් ජනාධිපතිතුමා ඉල්ලීය.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ගයේ ඉදිකිරීම් අවසන් කර ජනතාව වෙත පැවරීමේ උත්සවයට එක්වුණා. එම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද එක්විය .මෙහි දී  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගමන්ගත් රථය පැදවූයේ අමාත්‍ය නාමල් රාජපක්ෂ විසිනි . තම පියා මෙන්ම බාප්පා ද නාමල් රාජපක්ෂ මහතා සංවර්ධන කටයුතුවල කැපී පෙනෙන චරිතයක්  බවට පෙන්වමින් මෙරට පාලනය කිරීමේ බලය ඉදිරියේ දී ඔහුට ලබාදීමට කටයුතු කරන බවද මෙයින් පෙනී යයි .              

දයාසිරි ජනපතිට කිට්ටු කරයි              

පාර්ලිමේන්තුවේ නව සභා වාරය ආරම්භ  කිරීමෙන් පසුව සම්ප්‍රදායානුකූලව ජනපති ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරාධිතයන් ගේ සහභාගිත්වයෙන් භෝජන සංග්‍රහයක් පැවැත්වෙයි .මෙම සංග්‍රහයේදී පසුගියදා ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කළ දයාසිරි ජයසේකර රාජ්‍ය  අමාත්‍යවරයා ජනාධිපතිවරයා ලඟට ගොස් ඉතා බැගෑපත්ව කටයුතු කරන අයුරු දැක ගැනීමට හැකි වුණා .ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාගේ මෙම ක්‍රියා කලාපය එම පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ විවේචනයට ලක්ව ඇති බවයි රජ රහස් වෙත වාර්තා වන්නේ .        

බැසිල් අනුර ගේ පිටට තට්ටු කරයි 

පාර්ලිමේන්තුවේ නව සභාවාරය පසුගියදා ආරම්භ වීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකල රාජාසන කතාව සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සිටින අවස්ථාවේදී එතනින් ගමන්ගත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අනුර කුමාර මහතාගේ පිටට තට්ටුවක් දමනු ලැබුවා . එහිදී ඇස්වලින් අනුර කුමාර විසින් ප්‍රතිචාර දැක් වූ අතර මෙය දැඩි කතාබහකට ලක්වුණා .එහිදී ඇතැම් පාර්ශව කියා සිටියේ අනුර කුමාර බැසිල්ගේ කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක කරන බවත් මෙම තට්ටුවෙන් මනාව පැහැදිලි වන බවයි . නමුත් රජ රහස් වෙත වාර්තා වන්නේ නම් බැසිල් රාජපක්ෂ විසින් හිතාමතාම මෙරට ජන ජන විඥානය තේරුම්ගෙන මාධ්‍ය ඉස්සරහම මේ දිනවල වඩාත් ජනප්‍රියත්වයට  පත් ව ඇති අනුර කුමාරගෙ පිටට තට්ටුවක් දැමීම තුළින් ඔහුගේ ජනප්‍රියත්වය පහළට ඇද දැමීමට හිතාමතාම මෙම ක්‍රියාව සිදු කළ බවයි .                     

ජාතික ආණ්ඩුවක් ගැන කතාබහ යළි කරළියට       

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ කරගනිමින් නව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩුව සූදානම් වන බවට රජ රහස් වෙත කරුණු වාර්තා වනවා . අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ .තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවත් එම ධූරය රනිල් වික්‍රමසිංහ මහතාට බාර ගන්නා ලෙසත් ඔහු ඉල්ලීමක් කර තිබෙනවා . එහිදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති බව රජ රහස් ඇත වාර්තාවනවා . පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු පස් දෙනෙක් ඉවත් කර රනිල් වික්‍රමසිංහ නම් කරන පස් දෙනෙක් ඒ සඳහා නම් කිරීම . සගල  වජිර  අකිල නවින් රංගේ බණ්ඩාර ඒ අතර වන අතර ඔවුන්ට කැබිනට් අමාත්‍යධුර ද ලබා දිය යුතු බවට කොන්දේසි ඉදිරිපත් කර තිබෙනවා . එමෙන්ම සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනකුට ද රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ආරාධනා කර ඇති බවයි සඳහන් වන්නේ එම නව ජාතික ආණ්ඩුවට එක්වන ලෙසට .කෙසේවෙතත් මෙම ජාතික ආණ්ඩුව සෑදීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා එතරම් කැමැත්තක් නොදක්වන බවට රාජ රහස් වෙත වාර්තා වනවා .                 

සජිත් පාඨලී ගැටුම කරළියට   

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හෙළ උරුමයේ හිටපු නායක පාඨලී චම්පික රණවක මහතා අතර පවතින්නේ සීතල යුද්ධයක් .එම සීතල යුද්ධය මේ වෙනවිට එළිපිටම පැමිණ තිබෙන්නේ පාඨලී චම්පික රණවක මහතා පිහිටුවාගෙන ඇති 43  සේනාංකයේ පළවෙනි සංවත්සරය ලබන 23 වැනිදාට යොදාගෙන ඇති අවස්ථාවකදී . මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින්ට මෙන්ම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ටද පාඨලී චම්පික රණවක මහතා විසින් ආරාධනා කර තිබෙනවා .එහෙත්  සජිත් ප්‍රේමදාස මහතා විසින් තම  පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එම සංවත්සරය සඳහා සහභාගී නොවන ලෙස දැනුම් දී ඇති බවයි රජ රහස් වෙත වාර්තා වන්නේ . එම වේලාවටම සමගි ජන ජනබලවේගයේ ගොවිජන සමුළුවක් පැවැත්වීමට යෝජනා වී ඇති බවට ද රජ රහස් වෙත වාර්තා වනවා. හතළිස් තුන් වන සේනාංකය හරහා පාඨලී චම්පික රණවක මහතා ඉදිරියට පැමිණීම සජිත් ප්‍රේමදාස මහතා විසින් අනුමත නොකරන බවටයි වාර්තා වන්නේ 

සජිත් හරින් ගැටුමත් උග්‍ර අතට                                    

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ක්‍රියා කරන අයුරු ප්‍රමාණවත් නොවන බව පවසමින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයා සමග මත ගැටුමකට එළඹ තිබෙනවා .මාස දෙකක පමණ කාලයක් තිස්සේ හරින් ප්‍රනාන්දු මහතා සමගි ජන බලවේගයේ කිසිදු රැස්වීමකට සහභාගී නො වී ඇති බවටයි රජ රහස් වෙත වාර්තා වන්නේ . පාර්ලිමේන්තු සභා වාරයන්හි දී තම කතාව පමණක් සිදුකරන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ද රැඳී  නො සිටිමින් ඉක්මනින්ම පිටව යන බවටද වාර්තා වනවා .  මෙරට දේශපාලන කරළියේ සිදුවන අලුත්ම තොරතුරු සමගින් ලබන සතියේ දි හමුවෙමු . 

මාධ්‍යවේදී  අරුණ රත්නායක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu