gossiplanka alexa තොරතුරු තාක්ෂණ ප්‍රවීණතාලාභීන් ලොව පුරා කර්මාන්ත ශාලාවලට යොමු කිරීමේ සැලැස්මක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තොරතුරු තාක්ෂණ ප්‍රවීණතාලාභීන් ලොව පුරා කර්මාන්ත ශාලාවලට යොමු කිරීමේ සැලැස්මක්

ලොවපුරා රටවල් රැසක කර්මාන්ත ක්ෂේත්‍රයේ පුරප්පාඩුව පවතින තොරතුරු තාක්ෂණ (IT) ප්‍රවීණතාලාභීන් පුහුණු කිරීමට සහ ලොව පුරා කර්මාන්ත ශාලා සදහා ඔවුන් යොමු කිරීමට කර්මාන්ත අමාත්‍යාංශයත්, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයත් අත්වැල් බැඳගනී.

අන්තර්ජාතික වශයෙන් වැඩි ඉල්ලුමක් ඇති, රටවල් රැසක කර්මාන්ත ක්ෂේත්‍රයේ සහ කර්මාන්ත ශාලාවල පුරප්පාඩුව පවතින තොරතුරු තාක්ෂණ (IT) ප්‍රවීණතාලාභීන් මෙරටදී පුහුණුකොට ලොව පුරා කර්මාන්ත ශාලා සදහා ඔවුන් යොමු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනයට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ මහත්මිය, අදාළ අමාත්‍යාංශවල ලේකම්වරු අතර විශේෂ සාකච්ජාවක් අද (26) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙරට තොරතුරු තාක්ෂණ (IT) ප්‍රවීණතාලාභීන් සිය සමාගම් සඳහා සේවය සැපයීමට යොදාගැනීමට අන්තර්ජාතික සමාගම් කැමැත්තක් දක්වන බවත් ඒ සදහා අන්තර්ජාතිකව පිළිගන්නා NVQ මට්ටමේ පාඨමාලාවක් මගින් ඔවුන්ව තෝරාගැනීමට බලාපොරොත්තු වන බවත් පැමිණ සිටි සේවායෝජකයෝ කියා සිටියහ. ඒ සදහා කර්මාන්ත අමාත්‍යාංශයේ සහ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ සහාය සහ මගපෙන්වීම බලාපොරොත්තු වන බව ඔවුහු කියා සිටියහ.

මෙරට තොරතුරු තාක්ෂණික දැනුම ලබාගන්නා තරුණ තරුණියන් කර්මාන්ත අමාත්‍යාංශය හරහා කර්මාන්තකරුවන්ට සම්බන්ධකොට රැකියා සදහා යොමු කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමට තමන් සුදානම් බව කර්මාන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. රාජ්‍ය අමාත්‍යාංශය හරහා ඊට අවශ්‍ය පුහුණුව, සහතික පත්‍රය ඇතුළු පහසුකම් සැලසීමට සුදානම් බව රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියාය. පළමු අදියර යටතේ 1000ක කණ්ඩායමකට මේ සදහා පුහුණුව ලබාදීමට නියමිතව ඇත. අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් හැකි ඉක්මනින් මෙම වැඩසටහන අරඹන ලෙස අමාත්‍යවරයා සහ අමාත්‍යතුමිය නිලධාරීන්ට උපදෙස් ලබාදුන්හ.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් දීපා ලියනගේ, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායන ඇතුළු මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය

කර්මාන්ත අමාත්‍යාංශය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu