gossiplanka alexa ලබන පෙබරවාරියේ ඉන්ධන මිල ඉහළ යයි ද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලබන පෙබරවාරියේ ඉන්ධන මිල ඉහළ යයි ද ?

ලබන පෙබරවාරියේ සිට ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100ට ආසන්න විය හැකි බව ඉන්ධන පිළිබඳ විශේෂඥයන් පවසනවා. මීට එක් ප්‍රධාන හේතුවක් ලෙස ඔවුන් සඳහන් කර ඇත්තේ යුරෝපයට බලපාන ශීත ඍතුව නිසා ඒ රටවල ඉන්ධන භාවිතය සීඝ්‍ර ලෙස ඉහළ යාමයි. 

පසුගිය සතියේ ද බොර තෙල් බැරලයක මිල ඩොලර් 87 දක්වා වැඩි වී ඇති අතර එය වසර හතරහමාරකට පසු වාර්තා වූ ඉහළම අගයයි. 

බොරතෙල් බැරලයක මිල අසීමිත ලෙස ඉහළ ගියහොත් ලබන පෙබරවාරිය වන විට මෙරටේ දැඩි ඉන්ධන අර්බුදයක් හට ගන්නා බව යි විශේෂඥයින් පවසා ඇත්තේ. ලෝක වෙළඳපොලේ වැඩි වන මිල ගණන් අනුව මෙරට ඉන්ධන මිල ද වැඩි නොකළහොත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අසීමිත ලෙස පාඩු ලැබිය හැකි බව ඔවුන් පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu