කැළණිතිස්ස බලාගාරය වෙනුවෙන් තෙල් සංස්ථාවෙන් ලබා දුන් තෙල් ප්‍රමාණය තවත් දින 6කට ප්‍රමාණවත් බව ද වාර්තා වනවා. එම බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 286ක් එක් කරන අතර ඒ සඳහා දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 1500ත් 1800ත් අතර ප්‍රමාණයක් වැය වනවා. එසේම මෙගාවොට් 300ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරන නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනක යන්ත්‍රයක් තව දුරටත් අක්‍රිය වී ඇති බවයි පැවසෙන්නේ.
මේ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසන්නේ වැසි කාලය පැමිණෙන තෙක් දිනකට පැය එකහමාරක් විදුලි කප්පාදුවක් සිදු කළ යුතු බවයි.