gossiplanka alexa දකුණු කොරියාවෙන් ලංකාවට ‍රැකියා අවස්ථා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දකුණු කොරියාවෙන් ලංකාවට ‍රැකියා අවස්ථා

රැකියා, වෘත්තීය පුහුණු සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනයට දකුණු කොරියානු රජයේ සහාය ලබාදෙන බව එරට ජාතික සභාවේ කථානායක පාර්ක් බ්යෝන්ග් -සියෝග් (Park Byeong-Seug) මහතා පවසා තිබෙනවා.  

පාර්ක් බ්යෝන්ග් - සියෝග් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවේදී මේ බව සඳහන් කර ඇති බවයි පැවසෙන්නේ.

පාර්ක් බ්යෝන්ග් -සියෝග් (Park Byeong-Seug) මහතා කොරියානු ජනරජයේ 21 වන ජාතික සභාවේ කතානායකවරයා යි. ආසියාවේ කේන්ද්‍රස්ථානයක් ලෙස ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකාව තුළ පුළුල් අවකාශයක් පවතී. එම අවස්ථාව උදා කර ගැනීමට කොරියාවේ ප්‍රධාන පෙළේ සමාගම් දිරිගන්වන ලෙස ජනාධිපතිතුමා පාර්ක් බ්යෝන්ග් -සියෝග් මහතාගෙන් ඉල්ලා සිට ඇත. 

ශ්‍රී ලාංකිකයින් 22,000කට ආසන්න සංඛ්‍යාවක් දකුණු කොරියාවේ රැකියාවල නිරත වන අතර, ඔවුහු ඉතා සතුටින් ඉහළ ශ්‍රම දායකත්වයක් ලබා දෙනවා. එම ශ්‍රම වෙළෙඳපොළෙහි වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන්ට ලබා දෙන ලෙස කළ ඉල්ලීම ඉටු කිරීමට පියවර ගන්නා බව සියෝග් මහතා ජනාධිපතිතුමා සමග පවසා තිබෙනවා.

මෙරට වෘත්තීය පුහුණු අවස්ථා දියුණු කර ගැනීමට කොරියානු රජයේ ආධාර ලබා දීමට ද දකුණු කොරියානු කථානායකවරයා එකඟතාව පළ කර අතර මෙරට  අවශ්‍යතාව අනුව එය ඉටු කර දීමට ඉතා කැමැත්තෙන් ඉදිරිපත් වන බව කථානායකවරයා සඳහන් කළා.

ජාතික සභාවේ මන්ත්‍රී ජුන්ග් පිල්මෝ (JUNG Pilmo), ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති ජොන්ග් වුන්ජින්ග් (JEONG Woonjin), විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු මේ අවස්ථාවට එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu