gossiplanka alexa විදුලිබල මණ්ඩලයේ තීරණාත්මක සාකච්ඡාවක් අද

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදුලිබල මණ්ඩලයේ තීරණාත්මක සාකච්ඡාවක් අද

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ විදුලි අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද පවත්වන බව විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ ඊයේ (16) පැවසුවා. අද පැවැත්වෙන සාකච්ඡාවේ දී ලබන 22 වන දා තෙක් ඉන්ධන ලබා ගැනීමට ඉල්ලුම් කරන බවයි ඔහු මාධ්‍ය අමතමින් පවසා ඇත්තේ. 

ලංකා විදුලි බල මණ්ඩලයට හෙට වන තෙක් ඉන්ධන මෙට්‍රික් ටොන් 3000ක් ලබා දීම නිසා 18 වනදා තෙක් විදුලිය කප්පාදු කිරීමක් සිදුනොවන බවයි ඇමතිවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ. 

මේ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය නම් අවශ්‍ය වන්නේ සාකච්ඡා නොව ඩොලර් බවයි. මුදල් නොමැතිව  විදුලි බල මණ්ඩලයට සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ඉන්ධන නිකුත් කිරීම නතර කර දැමීමට පසුගියදා ඛණිජ තෙල් සංස්ථාව තීරණය කළා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu