gossiplanka alexa සාදයක් නිසා බ්‍රිතාන්‍ය අගමැතිගේ ධූරය අවදානමක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සාදයක් නිසා බ්‍රිතාන්‍ය අගමැතිගේ ධූරය අවදානමක

2020 වසරේ මැයි මස 20 වනදා බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ නිල නිවසේ පැවති සාදයක් නිසා ඔහුට අගමැති ධූරය අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. කොරෝනා වසංගතය බ්‍රිතාන්‍යය තුළ දැඩිව පැතිරෙමින් තිබූ සහ බ්‍රිතාන්‍යය අඟුළු දමා තිබූ එවන් වකවානුවක අගමැතිවරයා විසින් සාදයක් සංවිධානය කර විනෝද වී ඇති බව ඔහු නියෝජනය කරන බ්‍රිතාන්‍යය පාලක පක්ෂය වන කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රභලයින් පිරිසක් චෝදනා කරනවා.

එම නිසා අග්‍රාමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ඔවුන්ගෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. රටවැසියන් බොහෝ ප්‍රමාණයක් මිය යමින් තිබූ කාලයක අගමැතිවරයා මධුවිත පානය කරමින් විනෝද වීම බොහෝ දෙනෙකු චෝදනාවට ලක් කර තිබෙනවා. 

කෙසේ වෙතත් තමා අතින් සිදු වූ වරදට බ්‍රිතාන්‍ය අගමැතිවරයා ඊයේ (12) බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හමුවේ සමාව අයැද සිටි නමුත් විශ්වාසය කඩ කිරීම නිසා ඔහු නායකත්වයට සුදුසු නොමැති බවයි අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට එරෙහි කන්සර්වේටිව් මන්ත්‍රීවරුන් තරයේ අවධාරණය කර සිටින්නේ. ඔවුන් පවසන්නේ අග්‍රාමාත්‍යවරයා මේ මොහොතේ ධූරය අතහැරිය යුතු බවත් අගමැතිවරයාගේ නායකත්වය අභියෝගයට ලක් කර යළි ඡන්දවිමසීමක් පැවැත්විය යුතු බවත් ය. 

පාලක පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ පෙනී සිටින අතර නිසි පරීක්ෂණයක් පැවැත්වීමෙන් තොරව ඉක්මන් තීරණ නොගත යුතු බවයි ඔවුන් පවසා ඇත්තේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu