gossiplanka alexa ශ්‍රී ලාංකිකයෙකු විදේශිකයෙකු සමඟ විවාහ වීමේ දී නීති අළුත්කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලාංකිකයෙකු විදේශිකයෙකු සමඟ විවාහ වීමේ දී නීති අළුත්කෙරේ

ශ්‍රී ලාංකික පුරවැසියෙකු විදේශිකයෙකු සමඟ විවාහ වීමේ දී ඇතිවිය හැකි ජාතික ආරක්ෂාව සහ සමාජයීය ගැටළු සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී එළඹි තීරණයන්ට අනුව ශ්‍රී ලාංකිකයෙකු මින් ඉදිරියට විදේශිකයෙකු සමඟ විවාහය ලියාපදිංචි කරන්නේ නම් ආරක්ෂක අමාත්‍යාංශයෙන් "නිෂ්කාශන වාර්තාවක්" ලබා ගත යුතු බව රෙජිෂ්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. 

එම නිෂ්කාශන වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරුන් මඟින් පමණක් එවැනි විවාහ ලියාපදිංදි කිරීම සිදු කල හැකියි.  

එසේම එලෙස විදේශ ගත පුද්ගලයෙක් මෙරට විවාහය ලියාපදිංචි කරන්නේ නම් ඔහු හෝ ඇය මාස 6ක් ඇතුළත තම රටේ වරදකරුවෙකු නොවන බවට වන සහතිකයේ මුල් පිටපත තම දේශීය පාර්ශ්වකරු හෝ දේශීය පාර්ශවකරුගේ නියෝජිතයකු මඟින් දෙපාර්තමේන්තුව වෙත යොමු කල යුතුයි. 

ඊට අමතරව එම විදේශීය පාර්ශවය විසින් විදේශීය කාලත්‍රයන්ගේ වෛද්‍ය ඉතිහාසය, නිධන්ගත රෝග, ඔවුන්ට කොවිඩ් වැළඳී ඇද්ද සහ ඊට එරෙහිව එන්නත් ලබාගෙන තිබේද යන තොරතුරු ඇතුළත් ස්වයං ප්‍රකාශයක් ද ඉදිරිපත් කල යුතුවනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu