gossiplanka alexa නාවික හමුදාවේ විශාල නෞකා ගාලු මුවදොරට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නාවික හමුදාවේ විශාල නෞකා ගාලු මුවදොරට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 71 වන සංවත්සර අදට (09) යෙදී තිබෙනවා. එය අභිමානවත්ව සැමරීමට වැඩසටහන් ‍රැසක් දියත් කර තිබෙනවා.

සංවත්සරය නිමිත්තෙන් 09 සහ 10 දිනවල දී ගාලුමුවදොර ඉදිරිපස මුහුදු තීරයෙහි නාවික හමුදාව සතු විශාල නෞකා නැංගුරම් ලා තමා දේශයේ නාවික බලය පිළිබඳව ජනතාවට දැක බලා ගැනීමට කටයුතු සලසා තිබෙනවා. එසේම් උතුරු සහ වයඹ නාවික විධානයන් හි එනම් පුත්ත්ලම සිට යාපනය දක්වා ප්‍රදේශවල කඩොලාන පැල ලක්ෂ දෙකක් සි‍ටුවීමේ ව්‍යාපෘතියක් ද, මහජනතාවගේ පහසුව සඳහා පුත්තලම කලපුවේ නව ජැටියක් ද විවෘත කිරීමටද කටයුතු සිදු කරනවා. 

මව්බිමේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය උදෙසා සිදුකළ මෙහෙවරේදී  දිවි පිදූ හා ආබාධිත වූ වීරෝදාර නාවික විරුවන් ගෞරවයෙන් සිහිපත් කරමින් සහ මාතෘ භූමියටත්, නාවික හමුදාවටත් සෙත් පතා වැලිසර නාවික සංකීර්ණයේ සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක්  පැවැත්වෙනවා. එමෙන්ම ඊයේ (8) දළදා මාලිගාවේ දී ගිලන්පස බුද්ධ පූජාවක් හා අද (09)  මහා සංඝරත්නයට උදෙසා දානමය පිංකමක් සිදු කරනු ලබනවා. මීට සමගාමීව ක්‍රිස්තියානි, මුස්ලිම් සහ හින්දු ආගමික කටයුතු ද සිදු කරන අතර උතුරේ සහ උතුරු මැද නාවික විධාන මඟින් ලේ දන් දීමේ වැඩසටහන් රැසක් ද සංවිධානය කර තිබෙනවා.

1950 දෙසැම්බර් 9 1950 අංක 34 දරන නාවික හමුදා පනත මගින් මෙරට ස්ථිර නාවික හමුදාවේ සමාරම්භය සනිටුහන් කරමින් “රාජකීය ලංකා නාවික හමුදාව” බිහිවුණා. 1972 දී  ශ්‍රී ලංකාව, ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට  පත් වීමත් සමඟ මැයි 22 සිට  “ ශ්‍රී ලංකා නාවික හමුදාව” ලෙස නම් කරනු ලැබුවා. සම්ප්‍රදාය අනුව කංචුක පූජාව සහ  ධජ ආශිර්වාද පුණ්‍ය මහෝත්සවය රුවන්වැලි මහා සෑ රදුන් සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස දී පසුගියදා  සිදු කරනු ලැබුවා. 

නාවික හමුදාව විසින්  සුරක්ෂිත සාගර කලාපයක් පවත්වා ගැනීමේ ජාතික අභිලාෂය ඉටු කිරීම සඳහා සාගරික වපසරිය තුළ සිදුකරන හමුදාමය, රාජතාන්ත්‍රික සහ නීති ක්‍රියාත්මක කිරීම නිරන්තරව සිදු කරනු ලබනවා. දෘශ්‍යමාන සතුරකු නොමැති වුවත් සාගර කලාපය තුළ නීති විරෝධි කටයුතු මැඩ පවත්වා,  ආර්ථික කටයුතු ආරක්ෂිතව ඉටුකර ගැනීම , සාගරික මුදවා ගැනීමේ කලාප තුළ ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීමත් නාවික හමුදාවේ සුවිශේෂ කාර්‍යයන් වනවා. ඊට අමතරව මුහුදු මාර්ගයෙන් සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිට නාවික සැතපුම් 740ත් 850ත් අතර ජාත්‍යන්තර මුහුදේ දී පවා  විශාල මෙහෙයුම් කරන අතර කොවඩ් 19 වසංගතය හමුවේ ක්‍රියාකාරි ලෙස මහජනතාව එයින් මුදවා ගැනිමට සහය දෙමින් සිටිනවා. 

  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu