gossiplanka alexa අමානුෂික ගබ්සාවක් නිසා මිය ගිය 12 හැවිරිදි දැරිය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අමානුෂික ගබ්සාවක් නිසා මිය ගිය 12 හැවිරිදි දැරිය

මුලතිව්, පුදුකුඩීරිප්පු පොලිස් වසමේ 12 හැවිරිදි දියණියක් අතුරුදන්ව ඇතැයි ලැබුණු තොරතුරු අනුව විමර්ශනය කිරීමේ දී ඇයගේ මළසිරුර සොයා ගැනීමට හැකි වුණා. වැඩි දුර විමර්ශනයෙන් පසුව මෙම දැරියගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ පියා, මව, සොහොයුරිය සහ මස්සිනා අත් අඩංගුවට ගැනීමට පුදුකුඩිඉරිප්පු පොලීසිය කටයුතු කලා. 

පසුගිය 15 වන දින දැරියගේ මව විසින් ඇය අතුරුදන්ව ඇති බවට පොලිසීයේ පැමිණිල්ලක් කර තිබෙනවා. ඇය පවසා ඇත්තේ 14 වන දින දැරිය සමඟ තමාගේ වැඩිමල් දියණිය සිටින නිවසට ගිය බවත් වැඩිමල් දියණිය සහ ඇගේ සැමියා ත්‍රිකුණාමලයට ගොස් තිබූ නිසා දෙදෙනාම එහි නතර වූ බවත්ය. වැඩි දුරටත් දැරියගේ මව පවසා ඇත්තේ 15 වන දින උදෑසන තමාගේ බාල දියණිය නිවස අතුපතු ගා දැමීමට පිටත් කර යැවූ බව සහ ඉන්පසු ඇය අතුරුදහන් වී ඇති බවය. 

පැමිණිල්ල අනුව පරීක්ෂණ ආරම්භ කල පොලීසියට පසුගිය 18 වන දින දැරියගේ මළසිරුර දැරිය අතුරුදහන් වූ බව කියන නිවසට යාබදව සොයා ගැනීමට හැකි වුණා. ඒ වන විටත් මළ සිරුර නරක් වී තිබුණා. 

අනතුරුව මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ මියගිය 12 හැවිරිදි දැරිය ගැබිණියක් බවත් ඇගේ දරු ගැබ විනාශ කිරීම නිසා අධික ලෙස රුධිරය වහනය වීමෙන් ඇය මිය ගොස් ඇති බවත් ය.  මරණය සම්බන්ධයෙන් දැරියගේ සොහොයුරිය සහ ඇගේ සැමියා ගෙන්වා ප්‍රශ්න කලත් ඔවුන් පවසා ඇත්තේ ඒ දිනයන් හි ඔවුන් ත්‍රිකුණාමලයේ සිටි නිසා මරණය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවයි. ඔවුන් එය සනාථ කිරීමට ත්‍රිකුණාමලට බලා ධාවනය වූ බස් රථයක ටිකට් පත් ද පොලීසියට ඉදිරිපත් කර තිබුණා. 

ඉන්පසු දැරියගේ පියා කැඳවා පොලීසිය විසින් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබෙනවා. එහිදී පියාගෙන් ප්‍රකාශයෙන් සත්‍ය තොරතුරු ලබා ගැනීමට පොලීසියට හැකියාව ලැබුණා. 

යෝගරාසා නිදර්ශනා නැමැති මෙම 12 හැවිරිදි දැරිය ඇයගේම සහොදරියගේ සැමියා විසින් අතවරයට ලක්ව ගැබ් ගෙන ඇති බවත් ඉතා අමානුෂික ලෙස දරු ගැබ විනාශ කිරීමට යාමේ දී අධික ලෙස රුධිරය වහනය වීමෙන් මරණයට පත්ව ඇති බවත් පියා අනාවරණය කලා. පසුව එකී සහෝදරියගේ සැමියා විසින්ම දැරියගේ සිරුර නිවස අසල ඇති ළිඳකට දමා ඇති බවත් පසුව එම සිරුර 18 වෙනි දින ඇගේ නිවසට යාබද ප්‍රදේශයකට ගෙනවිත් දමා ඇති බවත් දැරියගේ පියා තොරතුරු අනාවරණය කරමින් කියා තිබෙනවා. කිසිවෙකු විසින් දූෂණය කර මරා දමන්නට ඇති බව හැඟවීමට දැරියගේ සිරුර එසේ දමන්නට ඇති බව පොලීසිය සක පල කරනවා. 

දැරියගේ මරණය සම්බන්ධයෙන් සැකකාරයෙකු වූ ඇයගේ මස්සිනා බස් රථ කොන්දොස්තරවරයෙක් වන අතර ඔහු මෙම දැරිය අතවරයට ලක් කල නිසා දැරිය ගැබ් ගෙන තිබෙනවා. මේ බව දැරියගේ මව, පියා සහ සොහොයුරිය දැනගැනීමෙන් පසු දැරිය ගබ්සාවකට ලක් කර ඇති බවයි පොලීසිය පවසන්නේ. එම ගබ්සාව සිදු කර ඇත්තේ ද මස්සිනාගේ නිවසේ දී බව අනාවරණය කර ගෙන තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu