gossiplanka alexa ජපානය විකිරණ ජලය සාගරයට දැමීමට සැරසෙයි, චීන ජපන් ගැ‍ටුමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජපානය විකිරණ ජලය සාගරයට දැමීමට සැරසෙයි, චීන ජපන් ගැ‍ටුමක්

2011 වසරේ දී ජපානයේ ඇති වූ භූමිකපාවක් නිසා ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට දැඩි හානි සිදු වුණා. එම අවස්ථාවේ දී ජලය කියුබික් මීටර මිලියනයකට පමණ විකිරණ මුසු වූ අතර ඒවා විෂ සහිත බැවින් ගබඩා කර තැබුවා. 

මෙම විකිරණ මුසු වූ ජලය පැසි‍ෆික් සාගරයට මුදා හැරීමට අදාළ බලාගාරය හිමි ටෝකියෝ විදුලිබල සමාගම තීරණය කර තිබෙනවා. ඔලිම්පික් උළෙල සදහා යොදාගන්නා පිහිනුම් තටාක 500 ක් පිරවිය හැකි තරම් විශාල මෙම ජල කඳ යම් හෙයකින් පැසි‍ෆික් සාගරයට මුදා හැරියහොත් සමස්ත ලෝකයටම හානියක් සිදු විය හැකි බව චීනය පෙන්වා දෙනවා. ඒ නිසා එම විකිරණ මුසු වූ ජලය සාගරයට මුදා හැරීමට ජපානය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළකර තිබෙනවා. 

ජපානයේ මෙම වැරදි සහ ඒකපාර්ශ්වික තීරණය වහාම ඉවත් කරගත යුතු බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක සාඕ ලීජියෑන් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu