gossiplanka alexa ශ්‍රී ලාංකිකයා ඝාතනය කල සිදිධියේ පුද්ගලයින් 100ක් දැලේ, පකිස්තාන අගමැතිගෙන් පණිවිඩයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලාංකිකයා ඝාතනය කල සිදිධියේ පුද්ගලයින් 100ක් දැලේ, පකිස්තාන අගමැතිගෙන් පණිවිඩයක්

පාකිස්තානයේ සමාගමක සාමාන්‍යාධිකාරිවරයා  ලෙස සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික පුද්ගලයෙකු ආගමට අපහාස කළ බවට කියමින් වධ දී පුළුස්සා දැමීමට එරට වැසියන් ක්‍රියා කලා. ප්‍රියන්ත කුමාර නැමති මෙම ශ්‍රී ලාංකිකයාට එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් එරට මාධ්‍යවල ද වාර්තා පළ වුණා. 

ඒවායෙහි පළවන්නේ මුහම්මද් නබිතුමාගේ පෝස්ටරයක් ඉරා පොඩි කර කසළ බඳුනකට දැමූ බවට ප්‍රියන්ත කුමාර මහතාට චෝදනා එල්ල වී ඇති බවයි. 

ඒ මහතා පකිස්තානයේ තම සේවා ස්ථානයේ සේවය කරමින් සිටින අතරතුර එම සමාගමේම සේවකයින් පිරිසක් ඔහුට පහර දී ඝාතනය කර පුළුස්සා දමා තිබුණා. 

අමානුෂීය ලෙස මෙලෙස ශ්‍රී ලාංකිකයා ඝාතනය කල සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු ඇතුළු 100කට අධික පිරිසක් මේ වන විට අත් අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙම අමානුෂීය ඝාතනය හෙලා දකිමින් පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ට්විටර් සටහනක් තබා තිබුණා. ශ්‍රී ලාංකික පුද්ගලයා ඝාතනය වූ ඊයේ (03) දින පාකිස්තානයට ලැජ්ජා සහගත දිනයක් ලෙසද එම ට්විටර් සටහනේ සඳහන් වනවා. 

imran khan twitter notice

පන්ජාබ් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය උස්මාන් බස්දර් ද පවසා ඇත්තේ මෙය අතිශය ශෝකජනක සිද්ධියක් බවයි. 

"මෙය අතිශය ශෝකජනක සිද්ධියක්. මේ සිද්ධියේ සෑම අවස්ථාවක් සම්බන්ධයෙන්ම වාර්තාවක් කැඳවා තිබෙනවා. නීතිය තමන්ගේ අතට අරගෙන ක්‍රියා කරපු සියළු දෙනාටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා" පන්ජාබ් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා පවසනවා. 

පකිස්තාන උලමා සංවිධානය ද මෙම ඝාතනය හෙළා දැක තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය ද මේ පිළිබඳව විමර්දනයක් ආරම්භ කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය තාන්ත්‍රික අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ මෙම සිද්ධියට අදාළ තොරතුරු පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා ලබා ගැනීමට පියවර ගන්නා බවත් අදාළ වාර්තාව ලැබුණු පසු ඊට අදාළව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු කරන බවත්ය.

srilankan person murder in pakistan
srilankan person murder in pakistan
srilankan person murder in pakistan

srilankan person murder in pakistan


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu