gossiplanka alexa වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයට වෛද්‍යවරුන්ගේම විරෝධය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයට වෛද්‍යවරුන්ගේම විරෝධය

ශ්චාත් සීමාවාසික පත්වීම් සම්බන්ධයෙන් දැනට මතුවී ඇති මතභේදාත්මක තත්ත්වය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිරීක්ෂණ ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මේ වන විට ක්‍රියාත්මක කරන වැඩ වර්ජනයට විරෝධය පල කර සිටිනවා. 

ඒ පිළිබඳව සඳහන් කරමින් එම සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් ඊයේ (22) ඉදිරිපත් කලා. 

එම ලිපියේ සඳහන් කරුණු නම්,

1. පශ්චාත් සීමාවාසික පත්වීම් යනු නව පත්වීම් මිස ස්ථාන මාරු නොවේ.

2. පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් පත් කළ යුත්තේ සේවා අවශ්‍යතා අනුව මිස කිසියම් කණ්ඩායමකට මතුවට අවශ්‍යවන ඡන්ද පදනම වර්ධනය සඳහා පසුබිම සකස් කිරීමට නොවේ.

3. වෛද්‍ය නිලධාරීන්ට ඔවුන්ගේ වෘත්තීය සමිතිවල අවශ්‍යතාව මත පත්වීම් ලබා දීමේ දැනට ක්‍රියාත්මක පටිපාටිය අඩු වශයෙන් දැන් හෝ නිමාවක් දැකිය හැකිය. 

4. වෛද්‍ය නිලධාරීන් සේවා අවශ්‍යතා මත පත් කිරීම මගහැර ඔවුන් වෘත්තීය සමිතිවල අවශ්‍යතාව අනුව පත් කිරීම නැවැත්විය හැකි එකම ක්‍රමය වන්නේ අවශ්‍යතා අනුව වෛද්‍ය නිලධාරීන් පත් කිරීමට ප්‍රමුඛත්වය දීමට අමාත්‍යාංශය විසින් ගත් තීරණය එලෙසම ක්‍රියාත්මක කිරීමය. 

සේවා අවශ්‍යතාවයට මුල් තැන දෙමින් නිලධාරීන් ජනතා සේවයට පත් කර සිටීම  විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් අනුමත කර ඇති අතර වෛද්‍ය පරිපාලනයේ ඉහළ නිලධාරීන් ජනතාවට සේවය කිරීමේ යහපත් චේතනාවෙන් තමන් නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටින බව රටට පෙන්වීමට ස්වර්ණමය අවස්ථාවක් මෙමඟින් ලැබෙන බව  විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu