gossiplanka alexa කොළඹ නගරයේ දූවිලි අංශු වැඩි වීම නිසා සංවේදී පුද්ගල කණ්ඩායම් අවදානමක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොළඹ නගරයේ දූවිලි අංශු වැඩි වීම නිසා සංවේදී පුද්ගල කණ්ඩායම් අවදානමක

කොළඹ නගරය ආශ්‍රිතව වායු ගෝලයේ දූවිලි අංශුවල සුළු වැඩිවීමක් ඇති වී තිබෙන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පවසනවා. මෙම තත්ත්වය දින හතරක පමණ කාලයක් පවතින බවයි පැවසෙන්නේ. 

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් පසුගිය අවුරුද්දේ නිකුත් කල නිවේදනය අනුව  ඉතා කෙටි කාලයක් සඳහා ඉහළ වායු දූෂක මට්ටම්වලට නිරාවරණය වීමෙන් විශේෂයෙන් ළදරුවන්, ගර්භනී කාන්තාවන්, මහලු පුද්ගලයින් සහ ශ්වසන ආබාධ ඇති අය වැනි සංවේදී කණ්ඩායම් වල සෞඛ්‍ය කෙරෙහි යම් බලපෑම් ඇති කළ හැකි වනවා. ඉතා ඉහළ දූෂක මට්ටම් (වායු ගුණ සංගුනකය 200 වැඩි) වලදී අනෙකුත් අයගේ සෞඛ්‍ය කෙරෙහි බලපෑම් ඇති කළ හැකියි. එබැවින් මෙවැනි අවස්ථාවන්ට මුහුණ දීම සදහා පහත සඳහන් පුර්වාරක්ෂණ ක්‍රමයන් පිළිබදව දැනුවත් කීරීම, දැනුවත්වීම මෙන්ම පිළිපැදීම මගින් මෙවැනි අධික වායු දූෂණ තත්වයන් හේතුවෙන් සිදුවන බලපෑම අවම කරගැනීම හැකියාව ලැබෙනවා.

කෙටිකාලීන පූර්වාරක්ෂාවන්:

1. ශ්වසන අපහසුතාවයන් දැනේ නම් සුදුසු මුඛ ආවරණයක් භාවිතා කිරීම.

2. ගෘහස්ථව රැඳීසිටීම (වායුසමීකරණය කළ ප්‍රදේශවල නම් වඩාත් යෝග්‍යයයි).

3. එළිමහනේ ක්‍රියාකාරකම් (ක්‍රීඩා කටයුතු, බර වැඩ සහ රැස්වීම් වැනි) සීමා කිරීම.

4. වායුගෝලයට දුම හෝ දූවිලි අංශු නිකුත්වන ඝන අපද්‍රව්‍ය පිලිස්සීම හා අනෙකුත් ක්‍රියාකාරකම් වැනි දේ අවම කිරීම හා වැළකීම

5. අනවශ්‍ය ගමන් බිමන් අඩු කිරීම සහ පුද්ගලික වාහන වෙනුවට පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීම

6. මාර්ග ආශ්‍රිතව, කර්මාන්ත වලට ආසන්නව වැනි ඉහළ නිරාවරණ ප්‍රදේශවල රැඳී නොසිටීම

7. ගිණිකෙළි දැල්වීම සහ දුම්පානය කිරීමෙන් වැළකීම

දිගු කාලීන පූර්වාරක්ෂාවන්:

1. අවශ්‍ය විටෙක භාවිතා කිරීම සඳහා මුහුණු ආවරණ ලබා දීම සහ පාසල් බෑග් තුළ තැබීම

2. හැකි තරම් මාර්ග තදබදය සහ වාහන විමෝචනයන් අවම කිරීම

3. මෙවැනි අවස්ථාවන් සඳහා හේතු විය හැකි විමෝචන ප්‍රභවයන් වන ජනක යන්ත්‍ර, බොයිලේරු ආදිය නැවැත්වීමට කර්මාන්ත ශාලාවලට උපදෙස් ලබාදීම.

4. වාතයෙහි ගුණාත්මකභාවය අධීක්ෂණය හා කළමනාකරණ කිරීමේ කටයුතු වැඩි දියුණු කිරීම සඳහා පහසුකම් සැලසීම

5. මෙවැනි තත්වයන්ට මුහුණ දීම සඳහා ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීම සඳහා අදාළ ආයතන සහ සංවිධාන දැනුවත් කිරීම

6. ඉහළ විමෝචන සහිත රථවාහන හා මෙවලම් භාවිතය සීමා කිරීම

7. ශ්‍රී ලංකාවේ මෙන්ම අකෙකුත් රටවල වායු දූෂණයත්, කාලගුනික හා පාරිසරික තත්වයන් පිලිබදව නිරන්තර අවධානය හා අධ්‍යයනයන් සිදුකිරීම මෙන්ම ප්‍රවර්ධනය කිරීිම

අධික පරිභෝජන හා සුඛෝපභෝගී සමාජ වටපිටාවක් කරා මිනිසා ගමන් කරන වර්ථමාන තත්වය යටතේ පරිසරයට මුදාහරින නොයෙකුත් දූෂ්‍ය කාරකයන් මගින් සිදුවන පරිසර හා වායු දුෂණයේ ප්‍රතිඵල වන කාලගුනික විපර්යාස හා ගෝලීය උණුසුම වැනි තත්වයන් නිසා මෙවැනි අධික වායු දූෂණ තත්වයන් ඉදිරි කාලයේදී නැවත නැවත ඇතිවීමේ ප්‍රවනතාවයක් තිබෙනවා. 

ශ්‍රී ලංකාවේ වායු ගෝලීය තත්ත්වය දැක්වෙන සිතියම : https://aq.nbro.gov.lk/ 

Colombo air quality








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu