gossiplanka alexa ඇමති ජොන්ස්ටන්ගේ සැර චෝදනාවට ලිට්‍රෝ සභාපතිගෙන් පිළිතුරු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇමති ජොන්ස්ටන්ගේ සැර චෝදනාවට ලිට්‍රෝ සභාපතිගෙන් පිළිතුරු

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා සැඟවී ඇති බව පසුගිය දා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා චෝදනා කලා. අමාත්‍යවරයා වැඩි දුරටත් පැව්සූයේ රජයේ ආයතනවල සභාපතිවරුන් එම ධුරයනට පත්කර ඇත්තේ අභියෝගයන්ට මුහුණ දීමට මිස පලා යාමට නොවන බව යි.

මෙම චෝදනාවලට ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයාගෙන් පිළිතුරු ලැබී තිබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ ඒ පිළිබඳව මෙලෙස සඳහන් වනවා. 

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

රාජ්‍ය නිලධාරියෙකුගෙන් මෙතෙක් ඇසූ හොඳම කතාව ලිට්‍රෝ සභාපතිවරයාගෙන්!

"මාධ්‍යවේදියා:

සභාපතිතුමා ඔබතුමාව මේ අර්බුදකාරී  අවස්ථාවක හොයාගන්නත් නෑ කියලා චෝදනාවක් එල්ල වෙනවා. ඇයි මාධ්‍යය මගහරින්නෙ?

තෙෂාර ජයසිංහ(ලිට්‍රෝ ගෑස් සභාපති):

කිසිසේත්ම අර්බුදය මග හැරියෙ නැහැ. විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරියෙක් අර්බුදයකට මුහුණ දෙන විදිහ, සමහරක් වෙලාවට ප්‍රකාශ නිකුත් කරන අය හැසිරෙන විදිහට නොවෙයි. එවැනි අවස්ථාවක අපට සිද්ධ වෙනවා විශේෂයෙන්ම නියාමන ආයතන හා විද්‍යාඥයන් වැනි අයත් එක්ක කටයුතු කරන්න. 

මොකද අපේ රටේ ඉතිහාසයේ මුහුණ නොදීපු අත්දැකීමකට තමයි අද අප මේ මුහුණ දෙමින් සිටින්නෙ. මට වගකීමක් තියනවා මම යම්කිසි ප්‍රකාශයක් කරනවා නම් එය විද්‍යාත්මක කරුණු මත තහවුරු වෙන්න ඕන. ඒවා හිතළු වෙන්න බෑ . මගේ හිතට එන එන දේවල් කියලා ජනතාව තවදුරටත් ව්‍යාකූල කරන්න බැහැ මේ මොහොතෙ. 

ඔබ දන්නවා අධිකරණයේ යම්කිසි ක්‍රියාවලියක් සිදුවුණා කියලා. එපමණක් නොවෙයි ගරු ජනාධිපතිතුමා විසින් මෙම ගෑස් ආශ්‍රිතව සිදුවන සිද්ධීන් වලට අදාළව විශේෂ කමිටුවක් පත් කළා. එම කමිටුව විසින් මගෙන් විශේෂ ඉල්ලීමක් කළා මෙම තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීම හැකි තරම් අවම කරන්න කියලා. 

මාධ්‍යවේදියා:

නමුත් ආණ්ඩුවේ පාර්ශ්ව වලට ම මේ සම්බන්ධව සන්නිවේදනය වෙලා නැහැ නේද? ජොන්ස්ටන් ඇමති තුමා කියනවා ඔබතුමා පසුගිය දිනෙක වීරයෙක් වගේ කතා කළ නමුත් මේ වෙලාවේ තිබ්බ ඒ වීර කම කෝ කියලා?

තෙෂාර ජයසිංහ:

මම ඇමතිතුමාට විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා මට වීරයෙක් කියලා කියපු එක ගැන සහ මේ ලෝක මාෆියාවට විරුද්ධව මගේ මැදිහත්වීම ඒ විදියට අගය කිරීම ගැන.

මෙම ගෑස් අර්බුදයේදී මගේ මැදිහත්වීම මම සිදු කරමින් සිටියෙ මම මැදිහත් විය යුතු පාර්ශවයන් සමඟ. ඒ අයත් සමඟ මම අවසාන නිගමනයකට එන්න කලින් වෙන වෙන මතිමතාන්තර පළ කිරීම හරහා ජනාධිපතිතුමා පත් කළ කමිටුවෙන් මගෙන් කළ ඉල්ලීම මම පැහැර හැරියා වෙනවා .

විශේෂඥයන් මැදිහත්ව සිටිද්දි ජනතාවට අපි අපිට හිතෙන හිතෙන දේවල් ප්‍රකාශ කළාම මොකද වෙන්නේ ? ඇත්තටම මට වඩා ලොකු තනතුරු දරන අය, මේ පිළිබඳව නියාමනය දැරිය යුතු අය බොහොම කනගාටුයි කියන්න අපිටවත් දෙයක් කියන්න කලින් සමහර වෙලාවට ඔබ වගේ මාධ්‍ය ආයතන වලට කතා කරලා වාර්තා ලබා දෙනවා. මට සමහරක් වෙලාවට මගේ ආයතනයට ලැබෙන්න ඕනා යම්කිසි වාර්තාවන් ලැබෙන්නෙත් මාධ්‍ය හරහා. එය එතරම් හොඳ තත්ත්වයක් නොවෙයි.

ඒ නිසා රාජ්‍ය නිලධාරියෙක් වශයෙන් මා සිතන දේ තමයි නිලධාරීන් දහස් වතාවක් හරි කතා කරල තමන් ගන්න ඕන තීන්දු තීරණ ගන්න ඕන රාජ්‍ය තන්ත්‍රය ඇතුලේ ඉඳන්. ඊට පස්සේ ඇවිල්ලා ගත්ත තීරණය ඔබත් එක්ක කියන එක කමක් නැහැ. හැබැයි මාධ්‍යයට කියමින් මාධ්‍ය එක්ක කතා කර කර රාජ්‍ය පරිපාලනය කරන්න ගියොත් මම හිතන්නේ වෙන්නේ මහා අවුලක්. "

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu