gossiplanka alexa දිස්ත්‍රික්ක 5ක වෛද්‍යවරුන් අද වැඩ වර්ජනය කිරීමට හේතුව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දිස්ත්‍රික්ක 5ක වෛද්‍යවරුන් අද වැඩ වර්ජනය කිරීමට හේතුව

ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිස්ත්‍රික්ක 5ක සංකේත වැඩ වර්ජනයක් අද ක්‍රියාත්මක කරනවා. ඒ පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේ අර්බුදය මුල් කර ගනිමින්. 

මන්නාරම, ත්‍රීකුණාමලය, නුවරඑළිය, රත්නපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක 5 තුල අද උදෑසන 8 සිට පැය 24ක කාලයක් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. 

එම දිස්ත්‍රික්කවලට අවශ්‍ය පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් නිසියාකාරව ලබා නොදීම නිසා එම දිස්ත්‍රික්කවල රෝහල්වලට වෛද්‍ය හිඟයක් ඇති වී එය අර්බුදයක් දක්වා ගමන් කර තිබෙනවා.  මෙම පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ලැයිස්තුව මාරු මණ්ඩලය හරහා සිදු නොකර සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිටින එක් නිලධාරීයෙක්ගේ අවශ්‍යතාව මත අත්තෝනෝමතික ලෙස සකස් කර සමානව බෙදී යන වෛද්‍යවරුන්ගේ ක්‍රමවේදය උල්ලංඝනය වෙලා තියනවා. එය මෙම වර්ජනයට මූලික හේතුව යි. 

නමුත් දැඩි සත්කාර ඒකක, හදිසි ප්‍රතිකාර සහ අත්‍යාවශ්‍ය ප්‍රතිකාර යන ප්‍රතිකාර ක්‍රමවේද කිසිවක් බිඳ වැටෙන්න දෙන්නේ නැහැ. ඒවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරනවා. සමාන්‍ය ප්‍රතිකාර ක්‍රමවේදවලට තමයි මේ තුළින් බලපෑමක් සිදුවන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කර ඇති අත්තනෝමතිත මාරු වීම් ක්‍රමය නවතා එය මාරු මණ්ඩලයට යොමු කර මෙතෙක් කල් කල නිසියාකාර ක්‍රමවේදය, විනිවිද භාවයෙන් යුත් ක්‍රමවේදය, සෑම ප්‍රදේශයකටම වෛද්‍යවරුන් නිසියාකාරව යොමු කරන ක්‍රමවේදය ක්‍රියාත්මක කලහොත් අපි මේ වැඩ වර්ජනය අවසන් කරනවා. ඒය සෞඛ්‍ය අමාත්‍යාංශයට ලේසියෙන්ම කල හැකි දෙයක්. යම් හෙයකින් එසේ නොකලහොත් දිස්ත්‍රික්ක 5ක ක්‍රියාත්මක මෙම වැඩ වර්ජනය දීර්ඝ කිරීමට බොහෝ විට ඉඩ තියනවා. ඒ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ‍රැස්වීමට නියමිතයි"

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කමිටු සාමාජික වෛද්‍ය සමන්ත ආනන්ද මාධ්‍යවෙත එලෙස අදහස් දක්වා තිබුණා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu