gossiplanka alexa අධිවේගී මාර්ගයේ මුදල් ගෙවීමට නව ක්‍රමයක් ආරම්භ කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අධිවේගී මාර්ගයේ මුදල් ගෙවීමට නව ක්‍රමයක් ආරම්භ කෙරේ

ධිවේගී  මාර්ගවල පිටවීමේ දොරටු අසල මුදල් ගෙවීම සඳහා  Lanka QR  ජංගම ගෙවීම් යෙදුම භාවිත ආරම්භ කර තිබෙනවා.

කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේදී  මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු  සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ  යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ කෙරුණා.  

අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටු අසල අතින් මුදල් ගෙවීම ( Manual Toll Collection MTC) වෙනුවට  මෙම Lanka QR  ජංගම ගෙවීමේ යෙදුම ඒ අනුව භාවිත කළ හැකිය. 

මෙම Lanka QR ජංගම ගෙවීමේ යෙදුම දැනට දක්ෂිණ අධිවේගී මාර්ගයේ පමණක් භාවිතා කරන අතර එය ඉදිරියේදී අනෙකුත් අධිවේගී මාර්ගවල ද භාවිතය සඳහා ගැනීමට නියමිතයි.

Lanka QR සක්‍රීය App සහිත ඕනෑම අයෙකුට භෞතික මුදල් රහිතව මෙම ජංගම යෙදුම භාවිතා කර තමන්ගේ අධිවේගී මාර්ග ගාස්තුව ගෙවිය හැකියි 

එහිදී අවශ්‍ය වන්නේ ගමන ආරම්භයේ දී ලැබෙන ටිකට් පත ගමනාන්තයේ ඇති පිටවීමේ දොරටුවට ඉදිරිපත් කර , ගෙවීම් කටයුතු සඳහා ඇති Lanka QR කේතය Scan   ( පරිලෝකනය) කිරීම පමණි.

මෙම Lanka QR ජංගම යෙදුම භාවිත කිරීම මඟින් මුදල් භාවිතය අවම වීම , මුදල් මඟින් කොවිඩ් වසංගතය  පැතිරීම වැළැක්වීම , සමාජය ඩිජිටල්කරණ සඳහා යොමු වීම , අධිවේගී මාර්ග වල පිටවීමේ දොරටු අසල කාර්යාලීය වේලාවන් වලදී පවතින දැඩි රථවාහන තදබදය අවම කර ගත හැකිවීම යනාදි ප්‍රතිලාභ සැලසෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu