gossiplanka alexa හිරුණිකාගෙන් ගෑස් පිපිරීම ගැන හෙළිදරව්වක්! තෙෂාර එය පිළිගනියි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිරුණිකාගෙන් ගෑස් පිපිරීම ගැන හෙළිදරව්වක්! තෙෂාර එය පිළිගනියි

ගෑස් පිපිරීම සම්බන්ධයෙන් මෙරට මතුව ඇති ගැටළු පිළිබඳව දූෂණ විරෝධි හඬ සංවිධානය විසින් සටහනක් තබා තිබෙනවා.

උපුටා ගැනීම

හිරුණිකාගෙන් ගෑස් පිපිරීම ගැන හෙළිදරව්වක්! තෙෂාර එය පිළිගනියි

දූෂණ විරෝධි හඬ ලෙස ඔබට අද අප ගෑස් පිළිබඳව තවත් විශේෂ වූ අනාවරණයක් කිරීමට සූදානම්. අප ඔබට අනාවරණය කළා ලංකාවට ගෙන එන ගෑස් තොග වලින් ඩොලර් කඳු ගණන් කොමිස් ගහන ඕමාන් ට්‍රේඩින් ගිවිසුම පිළිබඳව සහ එම මාෆියාටට එරෙහිව නොබියව නැගී සිටින ලිට්‍රෝ සභාපතිවරයා පිළිබඳව.

ගෑස් කොමිස් මාෆියාවෙ තවත් එක් පැතිකඩක් තමයි ගෑස් සිලින්ඩර ගෙන්වීමේ මෞරියා උඩියොග් මාෆියාව. ඒ පිළිබඳව පළමු අනාවරණය සිදු කරන්නෙ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර 2018 දි පාර්ලිමේන්තුව තුළදී. එම අනාවරණය තෙෂාර ජයසිංහ ඊයෙ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ස්ථීර කරනවා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර(2018 දි):

"අපගේ ආණ්ඩුවෙන්ම පත්කළ මුදිත පීරිස් කියන දූෂිත කළමනාකාර අධ්‍යක්ෂවරයා යටතේ වසර 3ක් තිස්සේ බාල ප්‍රමිතියෙන් යුතු LP ගෑස් සිලින්ඩර ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් ඔහුට හිතවත් Mauria Udyog  ආයතනයෙන් ගෙන්වා තිබෙනවා. 

පරිහරණයට නොසුදුසු සිලින්ඩර සම්බන්ධයෙන් ලක්ෂ සංඛ්‍යාත පැමිණිලි සංඛ්‍යාවක් ආයතනයට ලැබී තිබෙනවා.

එම ගෑස් සිලින්ඩර ඇති දුර්වලතාවයක් හේතුවෙන් පාරිභෝගිකයන් 40,000කට පමණ රබර් ගෑස්කට් මාස් පතා නොමිලේ නිකුත් කරලා තියෙනවා. ඒ අනුව මේ ආයතනය විශාල අලාභයකට පත්වෙලා තියෙනවා.

මෙම ආයතනය හරහා මිලදීගන්නා සිලින්ඩර සෑම අවස්ථාවකදිම 60% ක පමණ ගෑස් කාන්දුවක් සිදු වෙලා තියෙනවා. ඒක ඉතාමත් භයානක තත්ත්වයක්. සමහරුන්ට ජීවිතය පවා නැතිවෙලා තියෙනවා. තවත් සමහරු විවිධ ආපදාවලට ලක් වෙලා තියෙනවා.

මුදිත පීරිස්ගෙ හිතවත් සමාගමක්ම හින්දා ඔවුන්ට අවශ්‍ය පරිදි ටෙන්ඩර් නීතිරීති උල්ලංඝනය කරමින් තමයි මේ අපරාදය සිදු කරලා තියෙන්නෙ.

ඔහුට විරුද්ධව වහාම විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සිටිනවා" 

(හිරුණිකාගෙ මෙම ප්‍රකාශයේ යූටියුබ් වීඩියෝව https://youtu.be/V5IM6Wpx1Fw)

තෙෂාර ජයසිංහ:

"විපක්ෂනායකතුමා ඔය කියන විදියට ප්‍රමිතියක් නැති ගෑස් සිලින්ඩර වගයක් ගෙනල්ලා තියෙනවා එතුමලා හිටපු පහුගිය පාලන කාලය තුළ. ඒවා ප්‍රතික්ෂේප කරපු නියාමන ආයතනයම නැවතත් ඒවා සහතික කරලා වෙළඳපොළට නිකුත් කරලා තියෙනවා"

හිරුණිකාගෙ මෙම ප්‍රකාශය එවකට පැවති මාධ්‍ය හරහා පුළුල් ප්‍රචාරයක් නොදීම සහ තෙෂාරට සමහර මාධ්‍ය පන්න පන්න ගැසීම දූෂණ විරෝධි අපට ප්‍රශ්නාර්ථයක්. අප මේ හැප්පෙන්නෙ එක් මාෆියාවක් සමග නොව මාෆියා ගොන්නක එකතුවක් සමග වග ඔබට දැන් වැටගෙනවා ඇති. 

එහිදී දරුණුතම බලපෑම එල්ලවන්නෙ ලිට්‍රෝ වත්මන් සභාපතිවරයාට බව අප අවිවාදයෙන් පිළිගතු යුතුයි සහ මෙම මාෆියාවන්ට එරෙහිව අප සියලු දෙනාගෙ ක්‍රියාශීලී මැදිහත්වීම සිදු කළ යුතුයි.

ඕමාන් ට්‍රේඩින් මාෆියාව හා මෞරියා උඩියොග් මාෆියාව හරහා වන කොමිස් ජාවාරමට එරෙහිවෙමින් මෙරට ගෑස් ආනයන ඒකාධිකාරිය බිඳ හෙළීමට සමස්ත පුරවැසියා ලෙස අපි නැගී සිටිමු.

දූෂණ විරෝධි හඬ අවධියෙන්

උපුටා ගැනීම අවසන්


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu