gossiplanka alexa ගෑස් කමි‍ටු වාර්තා ජනපති අතට, ගෑස් සංගම්වලට නඩු පැවරීමට නොහැකියි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෑස් කමි‍ටු වාර්තා ජනපති අතට, ගෑස් සංගම්වලට නඩු පැවරීමට නොහැකියි

ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනිගැනීම් හා පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ සඳහා විසඳුම් සෙවීමට පත්කළ කමිටුවේ වාර්තාව අද (20) පස්වරුවේ එහි සභාපති මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදුන්නා.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෑතක සිට වාර්තාවන ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් (LPG) සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම්, පුපුරායාම් හා ඒ සඳහා හේතු සාධක සොයා බලා ඒ පිළිබඳ කඩිනමින් ගත හැකි විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපතිතුමා නොවැම්බර් මස 30 වන දින මෙම කමිටුව පත් කරනු ලැබුවා. 

ඒ අනුව කමිටුව සති දෙකක කාලයක් ඇතුළත ලිට්රෝ හා ලාෆ් යන ප්‍රධාන ගෑස් සමාගම් දෙකෙහි ස්ථානගත පරීක්ෂාව සහ කරුණු විමසීම් ඇතුළුව ආයතන 11කින් කරන ලද විමර්ශන, ගිනිගැනීම් හා පුපුරායාම් සිදු වූ ස්ථාන 17ක්, විද්‍යුත් තැපෑල මගින් ලද අදහස් සැලකිල්ලට ගනිමින් මෙම වාර්තාව සකස් කර තිබෙනවා.

ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හා පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීමේ දී සිදුවීම් හඳුනා ගැනීම සහ අනතුරු සඳහා වූ මූලික හේතු යන ප්‍රධාන කාරණා දෙක ඔස්සේ පූර්ණ වාර්තාවක් සකස් කළ බව එහි සභාපති ශාන්ත වල්පලගේ මහතා පවසනවා. 

පවතින තත්ත්වයෙන් මිදීමට කෙටිකාලීනව සහ දිගුකාලීනව ගතයුතු ක්‍රියාමාර්ග කමිටු වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති බව ද සභාපතිවරයා සඳහන් කරනවා.

ලිට්රෝ ගෑස්වල සංයුතිය පිළිබඳ කිසිඳු වෙනසක් නැති අතර, ඒ පිළිබඳ විදේශ විශේෂඥ ආයතනවල ද නිර්දේශ ලබා ගැනීමට කටයුතු කර ඇති බවත් ගෑස් භාවිතයේ දී ජනතාව අනිසි බියක් ඇති කර නොගත යුතු බවත් ලිට්රෝ ගෑස් සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය අද (20) සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවේ දී සභාපතිවරයා මේ බව සඳහන් කළා. 

ගෑස් කාන්දු හා පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතියේ සිදු කළ වෙනසක් බවට ඇතැම් පාර්ශ්වවලින් මත පළ වුණද මෙතෙක් වාර්තා වූ කිසිදු සිදුවීමක් ගෑස් සංයුතියේ වෙනසක් නිසා ඇතිවූ සිදුවීම් නොවන බව මේ වන විට තහවුරු වී තිබේ. ගෑස්වල ප්‍රමිතිය හේතුවෙන් යම් හෙයකින් එවැනි සිදුවීමක් වාර්තා වුවහොත් එක් පුද්ගලයෙකුට රුපියල් මිලියනයක රක්ෂණාවරණයක් ලබාදීමට ලිට්රෝ ගෑස් සමාගම එකඟ වී ඇති බව ලිට්රෝ ගෑස් සභාපතිවරයා එහිදී පවසා තිබෙනවා. 

ගෑස්වල ප්‍රමිතිය පිළිබඳ SLS සහතිකය සහිත නිර්දේශ දැන් නිකුත් වී ඇති අතර, ද්‍රව ගෑස් සංයුතිය බියුටේන් 70%ක සහ ප්‍රොපේන් 30%ක  සම්මිශ්‍රණයකි. අද සිට “Propane Max 30% Vol” ලෙස ගෑස් සිලින්ඩරයේ මුද්‍රිතව ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන ඇති බව ද සභාපතිවරයා පවසනවා.

ගෑස් උදුන් සඳහා භාවිතා කරන රෙගියුලේටරය ඇතුළු උපාංග ප්‍රමිතියෙන් තොර බවට දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වන විට කර ඇති පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙන බවත්, ඉදිරි මාස 03 ඇතුළත ප්‍රමිතියෙන් යුත් උපාංග ලබා ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දෙමින් මතුව ඇති ගැටලුවට පූර්ණ විසඳුම් ලබාදීමට අපේක්ෂා කරන බවත් තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා සඳහන් කරන්නේ. 

ඉදිරියේ දී එම උපකරණවල ප්‍රමිතිය පිළිබඳ වගකීම ද ප්‍රධාන ගෑස් සමාගම් දෙක වෙත පැවරීමට අපේක්ෂා කරන අතර  මතුව ඇති තත්ත්වය වහාම අවම මට්ටමට ගෙන ඒමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේ වන විට සැලසුම් කර තිබෙන බවත් ලේකම්වරයා පවසනවා. ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පුපුරා යාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳව විසඳුම් සෙවීමේ ජනාධිපති කමිටුවේ නිර්දේශ අනුව සියලු ඉදිරි පියවර ගැනීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන්  කරනවා.

ඉදිරි උත්සව සමයේ කිසිදු අඩුවකින් තොරව ප්‍රතීතන මණ්ඩලය අනුමත කරන ලද ගෑස් වෙළෙඳපොළට නිකුත් කෙරෙන අතර ගැස් හිඟයක් පිළිබඳ කිසිදු බියක් ඇති කර නොගත යුතු බව ද ලිට්රෝ ගෑස් සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසා සිටිනවා. 

ගෑස් කාන්දු හා පිපිරීම් නිසා ඇති වූ සිදුවීම්වලට අදාළව හානිපූරණයට සහ අදාළ ආයතනවලට එරෙහිව නිතිමය පියවර ගන්නේ ද යන්න පිළිබඳ මාධ්‍යවේදීන් කළ විමසුමට පිළිතුරු දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ එවැනි සිදුවීම් වූ ස්ථාන රජයේ රස පරික්ෂකවරුන් විසින් විධිමත් පරීක්ෂණවලට භාජනය කර තිබෙන බවයි. ගෑස් උදුන් සඳහා භාවිතා කරන උපාංග ප්‍රමිතියෙන් තොරවීම සහ නිවැරදි ලෙස භාවිතයට නොගැනීම හේතුවෙන් බහුතරයක් සිදුවීම් සිදුව ඇති බවට ඒ අනුව වාර්තා වී ඇති අතර, එබැවින් එම කිසිදු සිදුවීමක් සාපරාධි හැගීමකින් කළ බවට විද්‍යාත්මකව තහවුරු වී නොමැති බැවින් නඩු පැවරීමට නඩු නිමිත්තක් නැති බව දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරනවා. 

නිවැරදි ප්‍රමිතියෙන් යුත් ගෑස් උදුන් සහ උපාංග වගකීම් සහිත ආයතනවලින් මිලදී ගැනීමට කටයුතු කරන ලෙස ද මෙහිදී ජනතාවගෙන්  ඉල්ලීමක් කෙරුණා.









ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu