gossiplanka alexa අස්සය ගිය පසු ඉස්තාලය වසා වැඩක් නෑ - මධුර විතානගේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අස්සය ගිය පසු ඉස්තාලය වසා වැඩක් නෑ - මධුර විතානගේ


කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මැතිතුමා  අද උඩහාමුල්ල  පඤ්ඤෝදයාරාම විහාරස්ථානයේ පැවැති කුල දරුවන් පැවිදි කිරීම සහ ආවාස කුටි ය සඟ සතු කිරිම උත්සවයකට සහභාගී විය.මෙම ආවාස කුටි ය මධුර විතානගේ මන්ත්‍රීතුමාගේ 2021 අයවැය ප්‍රතිපාදන යටතේ ලක්ෂ 5 ක වියදමින් ඉදිකරවා අද දින සඟසතු කොට පූජා කිරීම සිදුවිය.

එම උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා ප්‍රකාශ කර සිටියේ අපේ බෞද්ධ ආගම අපි ආරක්ෂා කළ යුතු බවත් බුදුරදුන් එදා දේශනා කර පරිද්දෙන් කෙනෙකුන් හට නිවසක් ලබාදීම මහත් ඵල මහානිසංස ගෙනදෙන පුණ්‍ය ක්‍රියාවක් බවත් තමන්ගේ 2022 වසරේ ප්‍රතිපාදන වලින් ද මෙම විහාරස්ථානය සංවර්ධනයට අවශ්‍ය කරන මූලික සහයෝගය ලබාදීමට තමන් අදහස් කරන බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියා.

තව ද ඒ මහතා ප්‍රකාශ කර සිටියේ මේ වන විට රටෙහි ඇති වී ඇති ගෑස් ප්‍රශ්නය පිළිබඳවයි. මෙම ගෑස් ප්‍රශ්නය සඳහා එම ආයතන වල නිලධාරීන් මුනිවත රැක වැඩක් නැති බවත් මෙම ප්‍රශ්නයට වගකිය යුතු පිරිසක් වශයෙන් මාධ්‍ය මඟහැරීම ලැජ්ජාවට කරුණක් බවත් මේ පිළිබඳව ජනතාවට නිසි පිළිතුරක් ඔවුන් ලබා දිය යුතු බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියා .මෙරටට ගෙනඑන ආහාර ඇතුළු සියලුම භාණ්ඩ වල ප්‍රමිතිය පරීක් ෂාවට ලක් කළ යුතු බවත් ඊට අදාළ ආයතන සක්‍රීය කළ යුතු බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියා.එසේ නොකොට අස්සයා ගිය පසු ස්තාලය වසා වැඩක් නොමැති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියා.තවද මෙම ගැටළුවේදී මීට අදාළ සියලු පාර්ශ්ව රජය අපහසුතාවයට පත් නොකර ගතයුතු නිසි ක්‍රියාමාර්ග ගත යුතු බව වැඩිදුරටත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේය.

ලෝක ව්‍යසනයක් ඇති වී තිබෙන මෙවන් වකවානුවක රට අකාර්යක්ෂම සහ අඩපණ කිරීම තුළින් රජය තුළ තිබෙන්නා වූ ප්‍රසාදය ජනතාවගේ අප්‍රසාදය බවට පත් කරන්නට පත් කරන්නට පිරිසක් උත්සාහ කරනවා ද යන සැකයක් ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේය.මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ තවත් ජනතාව පීඩාවට පත් නොකොට නිසි ගෑස් ප්‍රමිතියකින් යුතුව ලබාදි ජන ජීවිතය අඩාල නොකොට පවත්වා ගෙන යෑමට හැකි පරිසරයක් නිර්මාණය කරන ලෙසයි.මෙම උත්සවය සඳහා උඩහමුල්ල කොට්ඨාසයේ නගරික මන්ත්‍රී දමිත පුෂ්පකුමාර මැතිතුමන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි විය.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu