gossiplanka alexa දිවයින පුරා වෛද්‍යවරු වැඩ වර්ජනය කිරීමට තීරණය කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දිවයින පුරා වෛද්‍යවරු වැඩ වර්ජනය කිරීමට තීරණය කරයි

දිවයින පුරා වැඩ වර්ජනයක් දියත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඉල්ලීම් 7ක් මුල් කරගනිමින් හෙට දින (2021.12.21) උදෑසන 8.00 සිට දීප ව්‍යාප්ත වෛද්‍ය වර්ජනයක් ආරම්භ කරන බවයි එම සංගමය පවසන්නේ.

1. නිත්‍යානුකූල වෛද්‍ය මාරු මණ්ඩල වල අනුමැතියෙන් තොරව විශේෂඥ වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තු සැකසීම 

2. නිත්‍යානුකූල වෛද්‍ය මාරු මණ්ඩල වල අනුමැතියෙන් තොරව ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ අනුයුක්ත කිරීම් සිදු කිරීම

3. 2022 වාර්ෂික ස්ථානමාරු ලැයිස්තුව ප්‍රකාශයට පත් නොකිරීම 

4. රාජිත සේනාරත්න වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ නිවැරදි ක්‍රමවේදයෙන් තොරව සිදු කල කාරණා නිවැරදී කිරීමට ලබාදුන් කැබිනට් අනුමැතිය ක්‍රියාත්මක නොකිරීම 

5. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිළවරණයට අදාල ගැසට් පත්‍රය නිකුත් නොකිරීම 

6. ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝණය කිරීම 

7. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ලිපි ශිර්ෂය භාවිතා කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය තුල කාණ්ඩ අතර ගැටළු ඇති වන ලෙස වැටුප් සම්බන්ධ ප්‍රතිපත්ති උල්ලංඝණය කිරීම යන කරුණු ඔවුන්ගේ වැඩ වර්ජනයට හේතු වී තිබෙනවා. 

කෙසේ නමුත් දිවයින පුරා සියලුම රෝහල් වල වෛද්‍යවරුන් අදාළ රෝහල් වල හදිසි ප්‍රතිකාර සේවා කටයුතු කිසිදු අවහිරයකින් තොරව අඛණ්ඩව සිදු කිරීමට කටයුතු කරනු ඇති බවත් මීට අමතරව සේවාවන්හි සුවිශේෂි බව සලකා මාතෘ රෝහල්, ළමා රෝහල්, පිලිකා රෝහල් හා වකුගඩු රෝගී ප්‍රතිකාර ඒකක වල මෙම වැඩ වර්ජන ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එසේම කොවිඩ් ප්‍රතිකාර සේවා හා කොවිඩ් එන්නත්කරණය කිසිදු බාධාවකින් තොරව පවත්වා ගෙන යනු ලබනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu