gossiplanka alexa වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය නවතී, දුම්රිය වර්ජනය දිගටම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය නවතී, දුම්රිය වර්ජනය දිගටම

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේදී ගත් තීරණයකට අනුව එම සංගමය ආරම්භ කර තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය අද පස්වරුවේ තාවකාලිකව අත්හිටවනු ලැබුවා. වෛද්‍ය පත්වීම්වලට දේශපාලන මැදිහත්වීම් සිදුවන බව පවසමින් පසුගිය අඟහරුවාදා දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වැඩ වර්ජනය දියත් කලා. 

සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් ලබා නොදුනහොත් නැවතත් ජනවාරි 03 වන දින මධ්‍යම කාරක සභාව ‍රැස්වී ඒ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව එම සංගමයේ ලේකම්වරයා පවසනවා. 

මේ අතර ප්‍රවාහන බලධාරීන් සමග අද පැවැති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන්  පාර්සල් භාර ගැනීමෙන් සහ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබෙනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙම වැඩවර්ජනය දියත් කලේ ජනතාවට ප්‍රමාණවත් පරිදි දුම්රිය ප්‍රමාණයක් ධාවනය නොකරීම, උසස්වීම්, බඳවා ගැනීම් සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ට බලපාන ගැටළු කිහිපයක් මූලික කරගෙනයි. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu