සිමෙන්ති ආනයනකරුවන් සිමෙන්ති කොට්ට ගෙන්වීම නවතා දැමීම නිසා වෙළඳපොළේ සිමෙන්ති හිඟයක් ඇති වූ අතර සිමෙන්ති මිල ද ඉහළ ගියා.
මෙයට ඉක්මන් විසඳුමක් ලෙස ටෝකියෝ සමාගම අඩු මිලට සිමෙන්ති වෙළඳපොළට ලබා දී තිබෙනවා. ඒ අනුව සෑම ප්‍රදේශයකම පාරිභෝගිකයින්ට රුපියල් 1275ක උපරිම සිල්ලර මිලකට ටෝකියෝ සිමෙන්ති කොට්ට වෙළඳපොළෙන් ලබා ගැනීමට හැකි බවයි ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් නිවේදනය කර සිටින්නේ.