gossiplanka alexa 2022 දී සයිබීරියාවෙන් තවත් මාරාන්තික වෛරසයක්, ඉන්දියන් සාගරයේ ප්‍රභල භූ කම්පනයක් ඇතුළු අනාවැකි ‍රැසක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

2022 දී සයිබීරියාවෙන් තවත් මාරාන්තික වෛරසයක්, ඉන්දියන් සාගරයේ ප්‍රභල භූ කම්පනයක් ඇතුළු අනාවැකි ‍රැසක්

බාබා වැන්ගා 1911 ඔක්තෝම්බර් 3 වන දින පැන්ඩෝ සුර්චෙව් (7 මැයි 1873 - 8 නොවැම්බර් 1940) සහ පරස්කේවා සුර්චෙවාට දාව ස්ට්‍රූමිකා හි උපත ලැබුවා. ඇය සෞඛ්‍ය සංකූලතා වලින් පීඩා විඳි නොමේරූ ළදරුවෙක්. පසු කාලීනව වැන්ගා ලෝකයේ මෙතෙක් සිටි හොඳම අනාවැකි කියන්නා බවට පත් වුණා. 

1996 දී මරණයට පත් වූ බාබා වැන්ගා ලෝකය පිළිබඳව අනාවැකි බොහොමයක පළ කර තිබෙනවා. 2019 වසරේ දී ලොව පුරා පෙරලියක් ඇති කරන වසංගතයක් පිළිබඳව ද 2004 සුනාමි ව්‍යසනය පිළිබඳව ද ඇය අනාවැකි පළ කර තිබුණා. එසේම ඩයනා කුමරියගේ මරණය, ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ද ඇය අනාවැකි පළ කර තිබුණා. 

බාබා වැන්ගා ටොනාඩෝ කුණා‍ටුවකට අසු වීමෙන් අතුදන් වී පැය කිහිපයකින් ඇය සොයා ගනු ලැබුවේ ගම්වැසියන් විසින්. ඇයගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය එම සිද්ධිය වූ අතර ඇයට යම් කිසි කටහඬක් කතා කරන ශබ්දයක් ඇසුණු බවත් ඇයට අනාගතය ගැන අනාවැකි කිය හැකි බවත් ඇය ප්‍රකාශ කලා. කෙසේ වෙතත් කුණා‍ටුවේ ප්‍රතිපලක හේතුවෙන් ඇයගේ ඇස් පෙනීම නැතිවුණා. 

බාබා වැන්ගා වර්ෂ 5079 දක්වාම ලෝකය තුළ සිදුවන යම් යම් දේ පිළිබඳව අනාවැකි පළ කර තිබෙනවා. ඇය විසින් 2022 වර්ෂය සඳහා පළ කර ඇති අනාවැකි පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

  • භූමිකම්පා සහ සුනාමි: 2022 වසරේ දී සුනාමි සහ භූකම්පා ඇතිවීම් සිදුවිය හැකි බව වැන්ගා පවසා තිබෙනවා. ඉන් ඉන්දියන් සාගරයේ සිදුවන භූමිකපාව ප්‍රධාන වන අතර ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දුනීසියාව, ඉන්දියාව ඇතුළු ලෝකයේ රටවල වෙරළබඩ ප්‍රදේශ ඉන් ගිල ගන්නා බව ඇයගේ අනාවැකිවල සඳහන්.
  • සයිබීරියාවේ මාරාන්තික වෛරසය: සයිබීරියාවෙන් මාරාන්තික වෛරසයක් හමුවෙනු ඇති බවත් ඉහළ යන උෂ්ණත්වය හමුවේ එම වෛරසය ලෝකය තුළ ඉක්මණින් ව්‍යාප්ත විය හැකි බවත් වැන්ගා පවසා තිබෙනවා. ඒ හේතුවෙන් මනුෂ්‍ය සංහතියට විශාල බලපෑමක් එල්ල විය හැකි බවයි ඇය පවසා ඇත්තේ.
  • ඉන්දියාවේ දැවැන්ත පළඟැටි ප්‍රහාරය: බාබා වැන්ගා අනාවැකි පළ කළේ ඉන්දියාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 දක්වා ඉහළ යනු ඇති බවයි. 2022 දී පළඟැටියන්ගේ ප්‍රහාරවලින් රට ද පීඩාවට පත් වනු ඇති අතර, එමඟින් බෝග හා කෘෂිකාර්මික බිම් විනාශ වී සාගතයක් ඇති වන බව ඇය පවසා තිබෙනවා.
  • පිටසක්වල ප්‍රහාරය: බාබා වැන්ගා ගේ අනාවැකිවලට අනුව, පිටසක්වල ජීවීන් පෘථිවියේ ජීවය ගවේෂණය කිරීමට ‘Oumuamua’ නම් චන්ද්‍රිකාවක් එවනු ඇති අතර ඔවුන් මිනිසුන්ට පහර දී සිරගත කරනවා. 2130 වන විට පිටසක්වල ජීවීන්ගේ සහය ඇතිව දිය යට ජීවත් වන ආකාරයේ ශිෂ්ටාචාරයන් ඉගෙන ගනු ඇතැයි ද ඇය පුරෝකථනය කර තිබෙනවා.
  • ජල හිඟය:  2022 දී ලෝකයේ මහා නගර පානීය ජල හිඟයෙන් පීඩාවට පත් වනු ඇති බවත් ගංගා දූෂණය වීම නිසා නව මූලාශ්‍ර සොයා ගැනීමට අවශ්‍ය වනු ඇති බවත් ඇය ප්‍රකාශ කර තිබෙනවා.
  • 2022 දී, මිනිසුන් ඔවුන්ගේ දුරකථන, උපාංග යනාදිය මත සබැඳිව වැඩි කාලයක් ගත කරනු ඇති බවත් ඒ නිසා මිනිසුන් යථාර්ථය සමඟ ෆැන්ටසිය පටලවා ගැනීමට පටන් ගන්නා බව ඇය පවසනවා. එය භයානක තත්ත්වයක් ඇති කරන බවයි වැන්ගා පවසා ඇත්තේ.

එසේම, 2022ඉන් ඉදිරියට ඇය පවසා ඇති අනාවැකි අතර

2023 දී පෘථිවියේ කක්‌ෂය වෙනස් වීම, 2025 දී යුරෝපයේ ජනගහන ශූන්‍ය වීම, 2028 දී නව ශක්ති ප්‍රභවයක් සොයා ගැනීම, 2033 දී ධ්‍රැවාසන්න ප්‍රදේශවල අයිස් දිය වී පෘථිවියේ ජල මට්ටම ඉහළ යාම, 2043 දී යුරෝපය සම්පූර්ණයෙන්ම මුස්ලිම් රාජ්‍යයක් වීම සහ ලෝක ආර්ථිකය මුස්ලිම්වරුන් සතු කර ගැනීම යන කරුණු ප්‍රධාන වනවා. 

එසේම,

2076 – යුරෝපය ඇතුළු ලොව පුරා කොමියුනිස්‌ට්‌වාදය නැවත පැතිරෙයි .2084 – සොබා දහම යළිත් ඉපදෙයි. (මෙම අනාවැකියේ අර්ථය වටහාගත නොහැක.)

2100 – කෘත්‍රිම ඉරක් පෘථිවියේ අඳුරු ප්‍රදේශ ආලෝකවත් කරයි. ( න්‍යෂ්ටික බලය මගින් විද්‍යාඥයින් දැනටමත් මේ පිළිබඳව කටයුතු කරමින් සිටී)

2130 – පිටසක්‌වල ජීවීන් හා එක්ව උපකාරයෙන් සාගර පත්ලේ මිනිස්‌ වාසභූමි ඉදි කරයි.

2170 – ලොව පුරා දැවැන්ත නියඟයක්‌

2187 – දැවැන්ත ගිනි කඳු පිපිරීමක්. සාර්ථකව නවීන තාක්ෂණය නිසා වළක්වයි.

2201 – ගෝලීය උෂ්ණත්වය පහළ වැටේ.

2262 – අඟහරු ග්‍රහයා, ආකාශ වස්‌තුවක ගැටේ.

2354 – කෘත්‍රිම සූර්යයා අනතුරකට පත්ව තවත් ගෝලීය උණුසුම පහළ බසී.

2480 – අඳුරු කලාප යලි බිහි වේ.

3005 – අඟහරු හි යුද්ධයක්‌

3010 – ආකාශ වස්‌තුවක්‌ සඳෙහි ගැටී පෘථිවිය අලු වළල්ලකින් වටවේ.

3797 – මානවයන් පෘථීවිය හැරදමා වෙනත් පෘථිවියකට යැමට දියුණු ය. මේ පෘථිවිය යම් කලකට මිනිසාගෙන් තොර වනු ඇත. 5079 දී ලෝකට විනාශ වන බවත් සදහන් වනවා. 











ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu