gossiplanka alexa මාරක රිය අනතුර සිදු කල තරුණයා ජීප් රථය ‍රැගෙන ගොස් ඇත්තේ හොරෙන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාරක රිය අනතුර සිදු කල තරුණයා ජීප් රථය ‍රැගෙන ගොස් ඇත්තේ හොරෙන්

16 හැවිරිදි තරුණයෙකු අධික වේගයෙන් රිය පැදවීම නිසා ඊයේ මහබාගේ ප්‍රදේශයේ දී සිදු වූ මාරක රිය අනතුර පිළිබඳව ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවී තිබෙනවා. සිය පියාගේ ජීප් රථය අධික වේගයෙන් පදවා ගෙන යාමේ දී වේගය පාලනය කර ගත නොහැකිව එම ජීප් රිය මාර්ගයේ මැද තිබූ මර්ග බාධකය ද පෙරළා දමමින් පාරේ විරුද්ධ පැත්තට ඇදී ගොස් උඩු යටිකුරුවී පෙරළී ගොස් තිබෙනවා. 

මෙසේ ජීප් රථය අනතුරට ලක්ව ඇත්තේ පාරේ ගමන් ගත් යතුරු පැදි 2ක්, ත්‍රීරෝද රයක සහ මෝටර් රථ දෙකක් අනතුරකට ලක් කරමින්. එක් යතුරු පැදියක් පදවා ගෙන ආ පුද්ගලයා එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර එහු පසුපස පැමිණි පුද්ගලයාගේ තත්ත්වය ද බරපතල බව පොලීසිය පවසනවා. 

අනතුරට ලක් වූ ත්‍රී රෝද රථයේ රියදුරු අනතුර පිළිබඳව මෙසේ ප්‍රකාශ කලා. 

"කොළඹ මීගමුව ප්‍රධාන පාරේ වැලිසර සුසාන භූමිය ආසන්නයේ දී 4 වැනිදා උදේ 9ට පමණ මෙම මාරක අනතුර සිදුවුණා. මා මගේම ත්‍රී රෝද රථයෙන් ගමන් කරමින් සිටියේ. මගේ ත්‍රී රෝද රථයට ඉදිරියෙන් ආපු කළුපාට කාර් එකේ තමයි අධික වේගයෙන් පැමිණි මේ සුඛෝපභෝගී ජීප් රිය වැදුණේ. මේක ආවේ පාරේ ප්‍රතිවිරුද්ධ පැත්තේ ඉදලා. වේගය පාලනය කරගන්න බැරුව පාරේ මාර්ග බාධකයත් කඩාගෙන ඇවිත් වාහන හතරක පහක වැදිලයි නතර වුණේ. ඔක්කොම වාහන ටික එක ගොඩේ හැප්පුනේ"

මෙම අනතුර සිදු කල 16 හැවිරිදි තරුණයා මහභාගේ ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිසලක හිමිකරුවෙකුගේ පුතෙක්. තරුණයාගේ පියා ඔහුට අයත් ජීප් රථය සෝදා පිරිසිදුකර ගෙමිදුලේ නවතා ගමනක් යෑමට සූදානම් වන අතර මෙම තරුණයා සිය වැඩිමහල් සොහොයුරිය සමඟ අනවසරයෙන් ජීප් රථය ගෙන නිවසින් පිටවී තිබෙනවා. ඔවුන් එසේ හදිසියේ ගියේ කොහේ ද යන්න පියා හෝ පවුලේ කිසිවෙකු දැන සිට නැහැ. තම පුතා තමන්ට නොදන්වා ජීප් රථය ‍රැගෙන නිවසින් පිටව ගොස් මොහොතකින් රිය අනතුරක් ද සිදුව ඇති බව දැනගත් පියා ඒ මොහොතේම අනතුර සිදුව ඇති ස්ථානයට පැමිණ තිබෙනවා. 

මේ වන විට අනතුර සිදුකල තරුණයා සහ ජීප් රථයේ අයිතිකරුවන ඔහුගේ පියා පොලිස් අත් අඩංගුවේ පසුවනවා. රිය අනතුර සිදුවන අවස්ථාවේ දී තරුණයා සමඟ ජීප් රථයේ ගමන් ගත් ඔහුගේ සොහොයුරිය කම්පනය හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu