gossiplanka alexa ගල් අඟුරු යුගයේ අවසානය ආරම්භ වෙයි, චීනය ඇතුළු රටවක් කිහිපයක අකමැත්තක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගල් අඟුරු යුගයේ අවසානය ආරම්භ වෙයි, චීනය ඇතුළු රටවක් කිහිපයක අකමැත්තක්

ල් අඟුරු යනු දේශගුණික විපර්යාසවලට විශාල ලෙසම බලපාන ඉන්ධන වර්ගයක්. මේ හේතුවෙන් පෝලන්තය, වියට්නාමය සහ චිලී ඇතුළු ගල් අඟුරු භාවිතා කරන ප්‍රධාන රටවල් පොසිල ඉන්ධනවලින් ඈත් වීමට කැපවන බවට COP26 දේශගුණික සමුළුවේ දී ප්‍රතිඥා දුන් බව එක්සත් රාජධානිය පවසනවා. 

ජාතීන් සහ සංවිධාන 190ක් ගල් අඟුරු අත් හැරීමට ප්‍රතිඥා දී ඇති නමුත් විශාල වශයෙන් ගල් අඟුරු මත යැපෙන චීනය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදය ඇතුළු ලෝකයේ ධනවත් රටවල් කිහිපයක් එම ප්‍රතිඥාවට අත්සන් කර නැහැ. ප්‍රතිඥාවට අත්සන් කල සියළුම පාර්ශවයන් දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් බලශක්ති උත්පාදනය සඳහා සියළුම නව ගල් අඟුරු ආයෝජනය අවසන් කිරීමට එකඟත්වය පළ කර තිබෙනවා. මෙම රටවල් අතරින් ප්‍රධාන ආර්ථිකයන් සහිත රටවල් 2020 දශකය තුළ ද ශුගී ජාතීන් 2040 දශකය තුළ ද බලශක්ති උත්පාදනයට ගල් අඟුරු යොදා ගැනීම අවසන් කිරීමට එකඟවී තිබෙනවා. 

කෙසේ වෙතත් චීනය ඇතුළු විශාල හරිතාගාර වායු විමෝචකයින් මෙම ගල් අඟුරු භාවිතයෙන් ඉවත් වීමට කැමැත්තක් නොදැක්වීම නිසා දේශගුණික විපර්යාස ගැටළුව නුදුරු අනාගතයේ දී විස‍ඳෙනු නැති බවයි පරිසර වේදීන් පෙන්වා දෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu