gossiplanka alexa පළමු ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පළමු ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ලකුණු 187කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද හැකියාව ලැබුණා. 

තරඟයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහදුන් අතර පළමු ඉනිම සඳහා  ශ්‍රී ලංකා කණ්ඩායම සියළු දෙනා දැවී ලකුණු 386ක් ලබා ගැනීමට සමත් වුණා. එහිදී දිමුත් කරුණාරත්න ලකුණු 147 ක්, ධනංජය ද සිල්වා ලකුණු 61 ක් ,පැතුම් නිස්සංක ලකුණු 56 ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 45 ක් ලබා ගත්තා. 

පළමු ඉනිම සඳහා පන්දුවට ලහර දුන් කොදෙව් කණ්ඩායම සියළු දෙනා දැවී ලකුණු 230ක් ‍රැස් කරගත්තා. කොදෙව් ඉනිමේ දී රවීන් ජයවික්‍රම කඩුලු 4 ක්, රමේෂ් මෙන්ඩිස් කඩුලු 3 ක් හා ලසිත් ඇඹුල්දෙණිය, ධනංජය ද සිල්වා,සුරංග ලක්මාල් එක් කඩුල්ල බැඟින් දවා ගැනීමට සමත් වුණා. 

දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 4ක් දැවී ලකුණු 191ක් ලබා සිටිය දී සිය ඉනිම අත් හි‍ටුවා පන්දුවට පහර දීම කොදෙව් පිලට ලබා දුන්නා. දෙවන ඉනිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දිමුත් කරුණාරත්න ලකුණු 83 ක් හා ඇන්ජලෝ මැතිච්ස් ලකුණු 69 ක් ලබා ගත්තා. ඒ අනුව ජයග්‍රහණය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 348ක් හඹා යාමට සිදුවුණා. 

කොදෙව් පිළේ පළමු කඩුලු 6 ලකුණු 18 ක් තුළදී දවා ගනිමින් තරගයේ සමස්ථ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. අයහපත් ආලෝකය මත ඊයේ තරඟය නිමා කරන විට කොදෙව් ලකුණු පුවරුව කඩුලු 6 කට ලකුණු 52 ක් ලෙසින් සටහන්ව තිබුණා. 

ජයග්‍රහණය සඳහා කඩුලු 4 ක් පමණක් අවශ්‍යව තිබියදී පස්වැනි දිනය අද ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමට කොදෙව් පිතිකරුවන්ගේ ආරක්ෂිත පිතිහරඹය හමුවේ දිවා ආහාරය වෙන තෙක්ම දවා ගැනීමට හැකියාව ලැබුණේ එක් කඩුල්ලක් පමණි. නමුත් දිවා ආහාරයෙන් පසුව පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් පිලේ සියළුම පිතිකරුවන් ලකුණු 160කට දවා දවා ගනිමින් සිය ජයග්‍රහනය සනි‍ටුහන් කරනු ලැබුවා. පන්දු යැවීමේ දී ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 5ක් ද රමේෂ් මෙන්ඩිස් කඩුළු 4ක් ද බිඳ හෙළණු ලැබුවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu