gossiplanka alexa 500%කට වඩා වේගයෙන් පැතිරෙන ඔමික්‍රෝන් ලංකාවට ඇතුල්වීමේ අවදානමක්, රෝග ලක්ෂණ ගැන දැනුම්දීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

500%කට වඩා වේගයෙන් පැතිරෙන ඔමික්‍රෝන් ලංකාවට ඇතුල්වීමේ අවදානමක්, රෝග ලක්ෂණ ගැන දැනුම්දීමක්

ලොව පුරා රටවල් කිහිපයකින්ම අසාදිතයින් වාර්තා වී ඇති දැඩි විකෘතිතාවයකින් යුත් "ඔමික්‍රෝන්" කොවිඩ් වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවට ද ඇතුළු වීමේ අවදානමක් පවතින බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. ඒ හරහා රට තුළ විකෘති කොවිඩ් ප්‍රභේද ඇති වීමේ අවදානමක් ද පවතින බව එම සංගමය වැඩි දුරටත් අනතුරු අඟවනවා. එම නිසා මහජනතාව නිසි මාර්ගෝපදේශයන් අනිවාර්යයෙන් පිළිපැඳිය යුතු බවයි අවධාරණය කරන්නේ. 

"දැනට එම වෛරස් ප්‍රභේදය ආසාදිතයින් හමු වූ රටවලින් ලංකාවට පැමිණෙන ඕනෑම පුද්ගලයෙක් හරහා රෝගය ව්‍යාප්තවීමට ඉඩ තිබෙනවා. බොහෝ රටවල් තමන්ගේ දේශ සීමා ආරක්ෂාකර ගැනීමට කටයුතුකර තිබෙනවා. . අපි හිතනවා රජය ලබා ගත් පසුගිය අත්දැකීම් එක්ක දැනටම දේශසීමා සහ අපේ රටේ තිබෙන ගුවන්තොටුපොළ සහ වරායන් ආශ්‍රිතව ක්‍රමවේදයක් යාවත්කාලීන කරයි කියලා සහ ඊට අමතරව රට තුළ සිදුකරණ PCR පරීක්ෂණ සහ අහඹු PCR පරීක්ෂණ වැඩි කරයි කියලා. 

පිටරටකින් මේ රටට එවැනි ප්‍රභේදයක් ආවාම අනිත් පැත්තෙන් රට තුළ තිබෙන වෛරස් ප්‍රභේදය යම් කිසි ආකාරයේ වෙනස්වීමකට භාජනය වෙලා ඊට ආසන්නතම ආකාරයකට නැත්නම් ඊට සමාන ආකාරයක එකක් රට තුළ හමුවෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා අපි හිතනවා පිටින් එන එකක් රට ඇතුලේ විකෘති ප්‍රභේදයක් ඇති වීමේ හැකියාව තිබෙන නිසා මේ වෙලාවේ ජනතාවත් සෞඛ්‍ය අංශත් ඉතාමත්ම කල්පනාකාරිව කටයුතු කරයි කියන එක. එළඹෙන උත්සව සමයේදී මේ ප්‍රභේදය ආවොත් ඉතාමත්ම භායානක විදියේ පැතිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා ජනතාවගෙන් ඉතාමත්ම කල්පනාකාරි වෙන්න. ජනතාව හැසිරෙන ආකාරය පිළිබඳ සතුටුදායක නෑ."  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසනවා.

මේ අතර වෛරස් ප්‍රභේද විදෙස් විශේෂඥයින් පවසන්නේ කුණු අප්‍රිකාවෙන් සොයාගත් නව කොවිඩ් ප්‍රභේදයේ පැතිරයාමේ වේගය ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව සියයට 500 ගුණයකින් වැඩි බවයි. ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය විකෘතිතා 50කට පමණ ලක්වී ඇති බව ඔවුන් සඳහන් කරනවා.  විශේෂඥයින් පෙන්වා දෙන්නේ  ස්පයික් ප්‍රෝටීන්වල පවතින විකෘතිතා මගින් එන්නත්වල ඵලදායිතාව සියයට 40 කින් පමණ අඩු කරනු ඇති බව ද මූලික අධ්‍යයනවලින් අනාවරණවී ඇති බවයි.

එසේම දකුණු අප්‍රිකාවේ වෛද්‍ය සංගමය "ඔමික්‍රෝන්" කොවිඩ් ප්‍රභේදයේ රෝග ලක්ෂණ සම්බන්ධයෙන් මුලික කරුණු අධ්‍යයනය කිරීමක් සිදුකර තිබෙනවා.  ඒ අනුව, මස් පිඩු වේදනාව, සුළු කැස්ස, ඇඟේ තෙහෙට්ටුව යන රෝග ලක්ෂණ මෙම වෛරසය නිසා මතුවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් මීට‍ පෙර කොවිඩ් රෝගීන් අතර සුලභව පැවති ගඳ සුවඳ නොදැනීම මෙම නව කොවිඩ් ප්‍රභේදයේ දක්නට නොලැබෙන බවයි ඔවුන් පවසන්නේ. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu