gossiplanka alexa කැකිල්ලේ සහ ගෑස් අනතුරු; ලංකාවෙ තියෙන ගොඩක් රෙගියුලේටර් ඔරොත්තු දෙන්නෙ නෑ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කැකිල්ලේ සහ ගෑස් අනතුරු; ලංකාවෙ තියෙන ගොඩක් රෙගියුලේටර් ඔරොත්තු දෙන්නෙ නෑ

මේ දිනවල දිවයින පුරා වාර්තවන ගෑස් සිලින්ඩර් පිපිරීම සම්බන්ධයෙන් ඉන්ජිනේරුවරයෙකු වන කපිල රේණුක පෙරේරා මහතා අදහස් දක්වා තිබෙනවා. 

උපුටා ගැනීම

කැකිල්ලේ සහ ගෑස් අනතුරු; ලංකාවෙ තියෙන ගොඩක් රෙගියුලේටර් ඔරොත්තු දෙන්නෙ නෑ

ඊයෙ දෙරණ නිවුස් (https://www.youtube.com/watch?v=naTi5Un5gwA) වල මාර අදහස් ටිකක් අහන්න ලැබුණා. මම අත්දැකීමෙන්ම දන්නව මීඩියා වාර්ථා කරන්නෙ කියපු කාරනාවට වඩා එයාල ආස කාරණාව කියල. ඒ කොහොම උනත් මේං මේ වගෙ ටිකක් කියවුණා.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් කෙනෙක් කියනව (අයිනෙ ඉන්නව කවුදෝ දේශපාලකයෙක් වගෙ කෙනෙක් හොර බැල්ම දාගෙන එයාගෙ උවමනාවට Press එක කෙරෙනව වගෙ) ගෑස් සිලින්ඩරේ පිපිරුවෙ නැතිය, LPG  පරිසරයට  නිදහස් වුණාය, ඒක වාතය සමග මිශ්‍ර උනාය, එතනින් ප්‍රමිතියක් තොර පරිපථ වලින් පුලිඟු එනවය. වැඩිපුරම එහෙම වෙන්නේ පරණ ශීතකරණ වලින්ය කියල. අන්තිමට ගෙදර තියෙන ශීතකරනෙ අයින් කරන්නයි උනේ. එතුමාට පැහැදිළි කරන්න බැරි උනා "LPG  පරිසරයට  නිදහස් වුණේ" කොහොමද කියල. එහෙම නැත්නම් ගෑස් සිලින්ඩරේ ඉතිරි ගෑස් පරීක්ෂා කරල ඒකෙ සං‍යුතිය මොකක්ද කියල. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වෙන්නෙ ඒ වගෙ කාරණා. මේ නිව්ස් වලට ගිය ටික ගෙදර ඉඳගෙන උනත් ප්‍රාමාණික දැනුමක් තියෙන කෙනෙක්ට කියන්න පුලුවන්.

මීඩියා දාන්නෙ ගෑස් සිලින්ඩරේ පුපුරල කියල. සමාගම කියනව සිලින්ඩර් පුපුරන්නෙ නෑ කියල. සිලින්ඩරේ පුපුරන්නෙ නෑ තමයි. නමුත් පීඩනය වැඩි වෙනකොට ප්‍රමිතියට නැති තැන්වලින් ලීක් වෙන්න තියෙන අවස්ථා වැඩිවෙනව. සං‍යුතිය වෙනස් වෙලාද නැද්ද කියන එක තමයි මෙතන ප්‍රධානම ප්‍රශ්නය. සමාගම කියනව සං‍යුතිය වෙනස් කළේ නෑලු. ටෙන්ඩර් පරිපාටි එක්ක අවුරුදු දෙකක් යනකම් වෙනස් කරන්නත් බෑලු. එතකොට මේ වෙනස් නොවෙන්නෙ මොන සං‍යුතියද? 50:50 ද 20:80වද? වෙනත් එකක්ද? සං‍යුතිය වෙනස් කළේ නැත්නම් 18ලීටර් ප්‍රිමියම් කියල එකක් ආවෙ ඇයි? 2021 අප්‍රියෙල් මාසෙදි  සමාගමේ Director Operations කිව්ව කියල පත්තරවල තියෙනව(https://www.ft.lk/.../Litro-pioneers-Premium.../44-716311) ප්‍රොපේන්, බියුටේන් මිශ්‍රණයෙ ප්‍රොපේන් සං‍යුතිය ප්‍රශස්තකරනය(optimize)  කරල තියෙන්නෙ කියල. එතකොට හරිම ප්‍රහේළිකාවක් සං‍යුතිය වෙනස් නොකර ටෙන්ඩර් එහෙම්ම තියාගෙන මේ ප්‍රිමියම් සිලින්ඩරේ දාපු එක. එහෙම නැත්නම් මේ කියන්නෙ අප්‍රියෙල් මාසෙ 50:50ට වෙනස් කරපු එක දැන් 2023 අප්‍රියෙල් වෙනකම් වෙනස් කරන්න බෑ කියන එකද? එතකොට බය හිතෙනව 12.5kg ටැංකිවලත් තියෙන්නෙ මේවද කියල. හපොයි. 

තව මෙතනදි කියනව pressure release වැල්ව් එක ගැන. හරි නම් 50:50 ප්‍රොපේන් වැඩි නිසා පීඩනේ වැඩි උණා කියල ඕකෙන් රිලීස් වෙන්න බෑ. හැබැයි එහෙම වෙනව නම් ඒක භයානකයි. මොකද පීඩනය අඩුවෙන්න කරන්නෙ ගෑස් එලියට දාන එක සිලින්ඩරෙන්. ඒකියන්නෙ අපේ ගෙදර වාතයට නිදහස් වෙන එක. අර නිලධාරී තුමා කිව්ව වගෙ ශීතකරනයෙ වැරැද්ද එන්නෙ එතකොට.

රෙගුලටර් ගැන කියනකොට excess flow valve ගැන මේ අය කිව්ව. එහෙම රෙගියුලේටර් ගන්න එක හොඳයි. ඒත් ඒක මේ ප්‍රශ්නෙට ලොකු විසඳුමක් නෙමෙයි. මොකද බටේ ගැලවුනොත් වගෙ තමා ඒක වැඩ කරන්නෙ. ගෑස් එක සම්පූර්ණයෙන් ඇරල තිබ්බත් ඔය වෑල්ව් එක වැහෙන්නෙ නැති වෙන්න එපැයි.

හැබැයි ඔතන කියවෙච්ච නැති වැදගත් දෙයක් තියෙනව. ලංකාවෙ ගොඩක් තියෙන්නෙ බියුටේන් රෙගියුලේටර්. විකුණන්න තියෙන්නෙත් එව්ව. සාමාන්‍යයෙන් 6 බාර් වගෙ උපරිම පීඩනේකින් ඇතුළට ගෑස් ගන්න තමා හදල තියෙන්නෙ. 5 බාර් එව්වත් තියෙනව සමහර විට. මම කලින් ලිව්ව ප්‍රොපේන් බියුටේන් 50:50 මිශ්‍රණයක් තිබ්බොත් 6 බාර් කොහොමත් පනිනව කියල. 7බාර් හරි 8 බාර් වෙන්න උනත් බැරි කමක් නෑ. ඉතින් දැන් ලංකාවෙ තියෙන ගොඩක් රෙගියුලේටර් මෙහෙම පීඩනයකට ඔරොත්තු දෙන්නෙ නෑ. එහෙම කියල high Pressure රෙගුලටර් එකක් එහෙම හයි කරගන්න එපා ගෙදර ගෑස් කුකර් එකට. low Pressure රෙගියුලේටර් වල Maximum Input Pressure එක තමා මෙතනදි අදාළ. ලංකාවෙ නීතියක් තියෙනවද? මොකද්ද ඒ කියන්න නම් මම දන්නෙ නෑ. හැබයි මාර්කට් එකෙයි ඔන්ලයින් ගන්නයි තියෙන්නෙ ඔය කියපුව තමයි සාමාන්‍යයෙන්. එව්ව ප්‍රමිතියෙන් අඩු නෙමෙයි. හදල තියෙන්නෙ වෙනත් පීඩන පරාසයකට.

පින්තූර ටිකේ තව විස්තර තියෙනව.

gas cylinder fire

gas cylinder fire

-කපිල රේණුක පෙරේරා-

උපුටා ගැනීම අවසන්


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu