දකුණු අප්‍රිකාවෙන් හමුවූ මාරාන්තික විකෘති කොවිඩ් ප්‍රභේදය නිසා ලංකා රජය ගත් තීරණය

අද (27) මධ්‍යම රාත්‍රී 12 සිට දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ලෙසතෝ, සිම්බාබ්වේ, ස්වාසිලන්තය, සහ නැම්බියා යන රටවල සිට පැමිණෙන ගුවන් මගීන්ට මෙරටට පැමිණීම තහහනම් කර තිබෙනවා. 

ඒ දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇති විකෘති කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් එම රටවලින් හඳුනාගෙන ඇති බැවින්. 

ඒ අනුව විදේශිකයින්ට මෙන්ම එම රටවල සිටින ශ්‍රී ලාංකික ගුවන් මගීන්ට ද මෙරටට පැමිණීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වනවා. 

යම් පුද්ගලයෙකු මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණීමට පිටත්ව ඇත්නම් එලෙස පැමිණෙන පිරිස් නිරෝධායනයට යොමු කිරීමට ද සෞඛ්‍ය ආමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. 

මෙම විකෘති කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් හමු වූ දකුණු අප්‍රිකානු රටවලින් පැමිණෙන මගීන්ට බ්‍රිතාන්‍යය, ජර්මනිය, ජපානය, ඉතාලිය, ඊශ්‍රායලය සහ සිංගප්පූරුව යන රටවල් ද දැනටමත් සංචාරක තහංචි පනවා තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu