gossiplanka alexa දිමුත් කරුණාරත්න නව ලෝක වාර්තාවක් අභියස

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දිමුත් කරුණාරත්න නව ලෝක වාර්තාවක් අභියස

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න නව ලෝක වාර්තාවක් අභියසට පැමිණ තිබෙනවා. අඛණ්ඩව වැඩිම ටෙස්ට් ඉනිම් සංඛ්‍යාවකදී ලකුණු 50කට වඩා වැඩියෙන් වාර්තා කිරීම එම වාර්තාවයි. 

අඛණ්ඩව ඉනිම් 7කදී අර්ධ ශතක ‍රැස් කර ගෙන 1948 දී මෙහි ලෝක වාර්තාව පිහි‍ටුවා ඇති අතර මේ වන විට එම වාර්තාව සම කිරීමට කුමාර් සංගක්කාර ඇතුළු පිතිකරුවන් හය දෙනෙකු සමත් වී තිබෙනවා. එහෙත් මෙම වාර්තාව බිඳ හෙළීමට කිසිවෙකු සමත් වී නැහැ. 

දිමුත් කරුණාරත්න මේ වන විට අඛණ්ඩව ඉනිම් 6කදී අර්ධ ශතක ‍රැස්කරගෙන තිබෙන අතර බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ මීළඟට පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දී ඉනිම් දෙකේදීම අර්ධ ශතක ‍රැස් කළහොත් ඔහු නව ලෝක වාර්තාවේ හිමිකරු වනවා. 

ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර මීළඟ තරඟය ලබන සඳුදා ගාල්ලේ දී ආරම්භවනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu